සාමාන්‍ය පෙළ සමතුන්ට උසස් පෙළ කරන්න ජනාධිපති අරමුදලෙන් ශිෂ්‍යත්ව

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සමත්ව උසස් පෙළ විභාගය සඳහා සුදුසකම් ලබන සිසු සිසුවියන් වෙනුවෙන් ශිෂ්‍යාධාර වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබෙනවා. මේ සඳහා ජනාධිපති අරමුදලෙන් මුදල් වෙන් කරනු ඇත.

එක් අධ්‍යාපන කලාපයකින් මෙම ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා සිසු සිසුවියන් 30 ක් තෝරා ගන්නා අතර ඒ අනුව සමස්ත අධ්‍යාපන කලාප 99 න්ම සිසු සිසුවියන් 2970 ක් ශිෂ්‍යත්ව සඳහා සුදුසුකම් ලබනු ඇත.

එලෙස තෝරා ගන්නා ශිෂ්‍යත්වලාභීන්ට උසස් පෙළ සඳහා අධ්‍යාපනය ලබන වසර දෙක සඳහා මසකට රුපියල් 5000 ක දීමනාවක් හිමි වේ.

මෙම වර්ෂයේ සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ලද වහාම පුවත්පත් දැන්වීම් හරහා සුදුසුකම් ලබන සිසු සිසුවියන් තෝරා ගැනීමට නියමිතය.

මෙම ශිෂ්‍යත්ව වැඩසටහන සම්බන්ධව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරු, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරු සහ විදුහල්පතිවරු කඩිනමින් දැනුවත් කරන ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත උපදෙස් දී ඇත.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඥානසාර හිමි නිදහස් කරන ඉල්ලීම ගැන තීරණයකට ජනාධිපති ලේකම් මාසයක් කල් ඉල්ලයි

බන්ධනාගාරගතව සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන ලෙස ඉල්ලමින්...

මේ තවත් ගෝල්ෆේස් අරගලයක්ද ?

ඉතිහාසය වෙනත් විදියකට ආයේ ආයෙත් සිද්ද වෙනවා වගේ පේනවා. අපි...

සෞදි ආසියා කුසලානය කල් දැමීමේ අවදානමක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 15, කොළඹ LNW : සවුදි අරාබියේ ආසියානු...

කොළඹට විතරක් නෙවෙයි නුවරටත් මෙට්‍රො!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 15 කොළඹ LNW : බස්නාහිර පළාතට පමණක්...