පවුල් 5,200කට වැඩි පිරිසකට පිරිසිදු පානීය ජලය.

රුපියල් මිලියන 160ක පිරිවැයකින් ඉදිකෙරෙන මැදවෙල ජල පවිත්‍රාගාර ව්‍යාපෘතියට මුල්ගල තැබේ.

  • ඌව පරණගම ප්‍රදේශයේ ජනතාවගේ පානීය ජල අවශ්‍යතාව විධිමත්ව සපුරාලීම අරමුණු කරගනිමින් රුපියල් මිලියන 160ක පිරිවැයකින් ඉදිකිරීමට නියමිත මැදවෙල ජල පවිත්‍රාගාර ව්‍යාපෘතියට මුල්ගල තැබීම ඊයේ (26) දින සිදුකරන ලදි.

ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලයේ පූර්ණ ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය මගින් දිනකට ජලය ඝන මීටර 2,000ක ධාරිතාවකින් යුත් පූර්ණ ජල පිරිපහදු පද්ධතියක් ස්ථාපනය කෙරේ.

මෙම ව්‍යාපෘතිය යටතේ මැදවෙල, දවුල්දෙන, කරගහ උල්පත සහ කැටගොඩ යන ප්‍රදේශ ආවරණය වන අතර, එමගින් ප්‍රදේශයේ පාරිභෝගිකයින් 5,292කට ආසන්න සංඛ්‍යාවකට සෘජු ප්‍රතිලාභ හිමිවීමට නියමිතය. මෙම පූර්ණ පිරිපහදු පද්ධතිය සඳහා වායුකරණ ඒකකය, කැටිතිකරණ ටැංකිය, අවසාදිත ටැංකිය, වේගවත් වැලි පෙරහන, කාර්යාල හා රසායනික ගොඩනැගිල්ල මෙන්ම පසු සේදීම් ඒකකය සහ ජල පොම්පාගාරය ඇතුළු සියලුම ප්‍රධාන ඒකකයන් ඇතුළත් කර ඇත.

මෙම ජල සම්පාදන හා ජල පිරිපහදු ව්‍යාපෘතිය සාර්ථකව නිමකිරීම මගින් ඌව පරණගම ප්‍රදේශයේ ජනතාවට දීර්ඝ කාලයක සිට පැවති ගැටලුවලට විසඳුම් ලැබෙන අතර, ඔවුන්ට ගුණාත්මක, සුරක්ෂිත හා විශ්වාසදායක පානීය ජල සැපයුමක් තහවුරු කිරීමට හැකිවනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝද හතරෙන් අහසට යන අනාගතය! Tesla හි AI බලය පිටුපස සිටින අශෝක් එල්ලුස්වාමි කවුද කියලා අද LNW තුළින් දැනගමු ද?

සටහන – පුලී ඔක්තෝම්බර් 17, LNW (කොළඹ): මෝටර් රථයක් රියදුරෙකු නොමැතිව මාර්ගයේ...

දිවයිනටම බලපෑ විදුලි බිඳවැටීම සහ යථාතත්වයට පත්කිරීම

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 17, කොළඹ LNW : දිවයින පුරා සිදු...

බිසී නැති සජිත්….

මහේෂ් හපුගොඩ ලංකාවේ සිටින ප්‍රධාන පෙලේ සියලු දේශපාලඥයින් අතරින් සජිත්...