හිටපු මුදල් අමාත්ය, පාර්ලිමේන්තු මන්ත්රී රවී කරුණානායක මහතාගේ පාර්ලිමේන්තු පාරේ පිහිටි නිවසට අල්ලස් කොමිසමේ නිලධාරීන් පිරිසක් ගොස් තිබේ.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙස ඔහුට දැනුම් දී තිබුණද, ඔහු එම දැනුම්දීමට අනුව පැමිණ නොසිටීම හේතුවෙන් එම කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් අද (29) පෙරවරුවේ මෙසේ ඔහුගේ නිවසට ගොස් ඇති බව සඳහන්.


