22 වැරැද්දක් නැහැ. 90 දක්වා වැඩි කළොත් මමත් නැවත සේවයට එනවා – විග්නේෂ්වරන්

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වසර දෙකකකින් දීර්ඝ වීම හොඳ දෙයක් බව උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා පවසයි.

මෙම ව්‍යවස්ථා සංශෝධන සම්බන්ධයෙන් විරුද්ධව දක්වන අදහස් පලක් නැති අතර ඇතැමුන් ඇතැම් කාරණා නිසා බිය වී ඇති බවයි ඔහු පවසන්නේ.

එහෙත් මෙය රටට හොඳ තීරණයක් බවත් එමඟින් විනිසුරුවරුන්ගේ අත්දැකීම් තවදුරටත් ලබාගත හැකි බව ඔහු කියා සිටියි.

මේ වන විට තමන්ට වයස අවුරුදු 87ක් වන අතර එම සේවා කාලය 90 දක්වා දීර්ඝ කළහොත් තමන්ද යළි සේවයට පැමිණෙන බවත් තවදුරටත් සේවය කිරීමේ හැකියාව පවතින බවත් විග්නේෂ්වරන් මහතා තවදුරටත් ප්‍රකාශ කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝද හතරෙන් අහසට යන අනාගතය! Tesla හි AI බලය පිටුපස සිටින අශෝක් එල්ලුස්වාමි කවුද කියලා අද LNW තුළින් දැනගමු ද?

සටහන – පුලී ඔක්තෝම්බර් 17, LNW (කොළඹ): මෝටර් රථයක් රියදුරෙකු නොමැතිව මාර්ගයේ...

දිවයිනටම බලපෑ විදුලි බිඳවැටීම සහ යථාතත්වයට පත්කිරීම

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 17, කොළඹ LNW : දිවයින පුරා සිදු...