පොලීසියට අලුතින් නිලධාරීන් 10,000ක් බඳවා ගන්නවා – පොලිස්පති

පොලීසියට අලුතින් නිලධාරීන් 10,000ක් බඳවා ගැනීම සඳහා අවසර ලැබී ඇති බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි.

“අපිට අවශ්‍ය මානව සම්පත් අවශ්‍ය ප්‍රමාණයට නැතිකම, නිලධාරීන්ට අවශ්‍ය ප්‍රමාණවත් යටිතල පහසුකම් ප්‍රමාණවත් නොවීම සම්බන්ධව ජනාධිපතිතුමාට, අමාත්‍යතුමාට දැනුම්දුන්නාට පස්සේ මානව සම්පත් වැඩි කරන්න අපිට 10,000ක් බඳවා ගන්න අවසරයක් ලැබුණා. මොකද අපි බඳවා ගත්තේ නැත්නම් ඒ එක්කම වයස්ගතව සහ වෙනත් කටයුතු නිසා බැහැරවන සංඛ්‍යාව අවුරුද්දකට දෙදාස් ගාණක් වෙනවා. ඒ අනුව අද වන විට 38,000ක වගේ අත්‍යවශ්‍ය නිලධාරීන් සංඛ්‍යාවක් අඩුවෙන් තමයි මේ සේවාව පවත්වාගෙන යන්නේ”

පොලිස්පතිවරයා මේ බව පැවසුවේ ඌව පළාත් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය විවෘත කිරීමේ උත්සවයට ඊයේ (29) එක්වෙමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමරිකානු සම්බාධක නොතකා ඉරානය LPG සහ ජෙට් ඉන්ධන නැව්ගත කරන බවට වාර්තා වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 17 : ඇමෙරිකා...

නාමල්ගේ පෞද්ගලික ලේකම් සංජයගේ නිවසට මහ රෑ අල්ලස් කොමිසමෙන් පනී !

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික...

ඉන්දුනීසියාවේ අපිරිසිදු වාතය හේතුවෙන් අසල්වැසි රටවල් පීඩාවට — සිංගප්පූරුව නීතිමය පියවර ගන්නා බවට අනතුරු අඟවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 17 : ඉන්දුනීසියාවේ...

කාවන්තිස්සට මියයන්න වෙන්නේ ….

කාවන්තිස්සට මියයන්න වෙන්නේ පොහොසත් රටක ලස්සන ජීවිතයක් අපි ගතකරන...