කොළඹ වරායේ කෝටි 800ක මත්ද්‍රව්‍ය වැටලීම!

රෂිකා හෙන්නායක අගෝස්තු 31, කොළඹ LNW :

කොළඹ වරායේදී සිදුකළ විශේෂ මෙහෙයුමකින් කිලෝග්‍රෑම් 463ක් පමණ බරැති අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගැනීමට පොලීසිය සමත්ව තිබේ.

මෙම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි 800කට අධික වන අතර, එය බහාලුම් දෙකක් තුළ සඟවා තිබියදී විමර්ශන නිලධාරීන් විසින් සොයාගන්නා ලදී.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය එක්ව රේගු සහාය ඇතිව මෙම සාර්ථක වැටලීම සිදුකර ඇත.

ලැබුණු බුද්ධි තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ බලධාරීන් මේ වන විට අදාළ මත්ද්‍රව්‍ය තොගයේ බර මැනීමේ කටයුතු අවසන් කර ඇති බව වාර්තා වේ.

මෙම ජාවාරමට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් කවුරුන්ද යන්න හඳුනාගැනීම සඳහා පොලීසිය මේ වන විට පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Academy Museum Gala 2026; හොලිවුඩයම තරු එළියෙන් බැබළුණු රාත්‍රියක්!

සටහන – පුලී ඔක්තෝම්බර් 18, LNW (කොළඹ):සිනමාවේ අසිරිය, හොලිවුඩයේ දිදුලන තරු...

අලි ඇතුන්ට වෙඩි තැබීමේ සිද්ධීන් පිටුපස සංවිධානාත්මක ජාලයක් පවතීදැයි විමර්ශන.

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 18, කොළඹ LNW : අලි ඇතුන්ට වෙඩි...

 Hyron Andrewsගේ අකල් වියෝව සහ ක්‍රීඩාවේ මානුෂීය බැඳීම…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 18, කොළඹ LNW : ප්‍රංශයේදී සහෝදරත්වයේ ගෞරවාදරය...

ප්‍රංශයේ ශිෂ්‍ය අරගලය සහ එහි පසුපස ඇති සැබෑ තත්ත්වය..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 18, කොළඹ LNW : 2026 ඔක්තෝබර් මාසයේදී...