වරාය අධිකාරියේ කළමනාකරණ අධ්‍යක්ෂ ඉවත් කරයි

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කළමනාකරණ අධ්යක්ෂ ගණක හේමචන්ද්‍ර වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරෙන් ඉවත් කර තිබේ.

වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා විසින් මේ බව ලිඛිතව දැනුම් දී ඇත.

ගණක හේමචන්ද්‍ර වරාය අධිකාරියේ කළමනාකරණ අධ්‍යක්ෂ ධුරයට පත්කරන ලද්දේ 2024 වසරේ වත්මන් රජය බලයට පත්වීමෙන් අනතුරුව ය. එවකට වරාය විෂය භාර අමාත්යවරයා වූයේ විජිත හේරත් මහතා ය.

කෙසේවෙතත් ගණක හේමචන්ද්‍රට එරෙහිව වරාය වෘත්තීය සමිති විසින් පසුගිය සමයේදී චෝදනා ගණනාවක්ම ඉදිරිපත් කර තිබුණු අතර ත්‍රිකුණාමලය වරායේ තිබූ නියමු යාත්‍රාවක් අක්‍රමවත් ලෙස භාවිත කරමින් රුපියල් කෝටි 20කට අධික මූල්‍ය පාඩුවක් රජයට සිදු කළ බවට චෝදනාවක් ද ඒ අතර විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝද හතරෙන් අහසට යන අනාගතය! Tesla හි AI බලය පිටුපස සිටින අශෝක් එල්ලුස්වාමි කවුද කියලා අද LNW තුළින් දැනගමු ද?

සටහන – පුලී ඔක්තෝම්බර් 17, LNW (කොළඹ): මෝටර් රථයක් රියදුරෙකු නොමැතිව මාර්ගයේ...

දිවයිනටම බලපෑ විදුලි බිඳවැටීම සහ යථාතත්වයට පත්කිරීම

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 17, කොළඹ LNW : දිවයින පුරා සිදු...