ජාතික ජන බලවේගයේ මන්ත්‍රී වරප්‍රසාද පිළිබඳ අල්ලස් පැමිණිල්ලක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 02, කොළඹ LNW :

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එරෙහිව දිනන දකුණ සංවිධානය විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

මෙම මන්ත්‍රීවරුන් තමන්ට හිමි වරප්‍රසාද දීමනා මහජන යහපතට යොදවනවා වෙනුවට ජනතා විමුක්ති පෙරමුණේ බැංකු ගිණුම්වලට බැර කිරීම හරහා දූෂණ විරෝධී පනත උල්ලංඝනය කර ඇති බව එහි සඳහන් වේ.

එම සංවිධානය ඉල්ලා සිටින්නේ අදාළ පක්ෂයේ බැංකු ගිණුම් පරීක්ෂා කර මන්ත්‍රීවරුන් 159 දෙනාගෙන්ම ප්‍රකාශ සටහන් කර ගනිමින් විධිමත් විමර්ශනයක් පවත්වන ලෙසයි.

2023 අංක 09 දරන දූෂණ විරෝධී පනත යටතේ මෙම ක්‍රියාව වරදක් බව පෙන්වා දෙමින් ඔවුන් මෙම නීතිමය පියවර ගෙන ඇත.

මේ හරහා දේශපාලන පක්ෂයක මූල්‍ය පරිහරණය පිළිබඳව නීතිමය මැදිහත්වීමක් අපේක්ෂා කරන බව පැහැදිලි වෙයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝද හතරෙන් අහසට යන අනාගතය! Tesla හි AI බලය පිටුපස සිටින අශෝක් එල්ලුස්වාමි කවුද කියලා අද LNW තුළින් දැනගමු ද?

සටහන – පුලී ඔක්තෝම්බර් 17, LNW (කොළඹ): මෝටර් රථයක් රියදුරෙකු නොමැතිව මාර්ගයේ...

දිවයිනටම බලපෑ විදුලි බිඳවැටීම සහ යථාතත්වයට පත්කිරීම

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 17, කොළඹ LNW : දිවයින පුරා සිදු...

බිසී නැති සජිත්….

මහේෂ් හපුගොඩ ලංකාවේ සිටින ප්‍රධාන පෙලේ සියලු දේශපාලඥයින් අතරින් සජිත්...