ආශිකා බ්රාහ්මණ
RQශ්රී ලංකාවට පමණක් ආවේණික වූ තැඹිලි වගාව ජාත්යන්තර මට්ටමට ඔසවා තබමින්, රටේ අපනයන ආදායම ඉහළ නැංවීම, නව රැකියා උත්පාදනය සහ ග්රාමීය දිළිඳුකම තුරන් කිරීම අරමුණු කරගත් තැඹිලි ගම්මාන 250ක් පිහිටුවීමේ ජාතික ව්යාපෘතිය අද (02) ආරම්භ කිරීමට නියමිතයි.
“Ceylon King Coconut Villages” ලෙස මෙම ජාතික වැඩසටහන නම් කර තිබේ.
මෙම ජාතික වැඩපිළිවෙළේ ප්රධාන සමාරම්භක උත්සවය කුරුණෑගල දිස්ත්රික්කයේ පන්නල ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ මාකඳුර ප්රදේශයේදී පැවැත්වෙන අතර මේ යටතේ අද (02) තැඹිලි ගම්මාන 20කට ආසන්න ප්රමාණයක් ස්ථාපිත කෙරෙනු ඇති.
ලෝක පොල් දිනය නිමිත්තෙන් ශ්රී ලංකාවේ පොල් කර්මාන්තයේ සංවර්ධනය, ඵලදායිතාව සහ අපනයන හැකියාව ඉහළ නැංවීමේ අරමුණින් වැවිලි සහ ප්රජා යටිතල පහසුකම් අමාත්යාංශය මඟින් මේ ජාතික වැඩසටහන ක්රියාත්මක කරයි.


