එල්-නිනෝ විශේෂ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව සහ නිලධාරී කමිටුව සිව්වන වරටත් රැස්වේ!

කොළඹ LNW:එල්-නිනෝ දේශගුණික බලපෑමට මුහුණ දීම සඳහා ගත යුතු පියවර සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතාගේ සභාපතිත්වයෙන් පත් කරන ලද විශේෂ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව සහ නිලධාරී කමිටුව ජනාධිපති කාර්යාලයේදී පසුගිය 31වෙනිදා සිව්වන වරටත් රැස් විය.

එල්-නිනෝ බලපෑම හේතුවෙන් ඇතැම් පිරිස්වලට රැකියා අහිමි වීමේ අවදානම පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු කෙරුණු අතර, එසේ රැකියා අහිමි වූ අයට සහන සැලසීම වෙනුවෙන් අනුගමනය කළ හැකි ක්‍රමවේද පිළිබඳවද පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.

එලි-නිනෝ දේශගුණික තත්ත්වය හේතුවෙන් එළවළු සහ පළතුරු වගාවන්ට ඇති විය හැකි අවදානම අවම කිරීම සඳහා ගත යුතු පියවර මෙන්ම, රට තුළ එළවළු හිඟයක් ඇති නොවන පරිදි අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳවද මෙහිදී අවධානය යොමු කරන ලදී.

මේවන විට දිස්ත්‍රික්කය 06ක ජනතාව එල්-නිනෝ බලපෑමට ලක්ව ඇති බැවින්, එම ප්‍රදේශවල ජනතාවගේ දෛනික ජීවිතය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය අඛණ්ඩ ජල සැපයුම සහතික කිරීම සඳහා ක්‍රියාත්මක කර ඇති වැඩසටහන්වල ප්‍රගතියද සමාලෝචනයට ලක් කා ඇත.

මහ කන්නය ආරම්භ කිරීම සම්බන්ධ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් සැප්තැම්බර් මස 4 වෙනි දින පැවැත්වීමටත්, එල්-නිනෝ බලපෑමට ලක් වී ඇති දිස්ත්‍රික්ක හයේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන් ඇතුළු දිස්ත්‍රික් ලේකම්වරුන් සමඟ සාකච්ඡාවක් සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වීමටත් මෙහිදී තීරණය කෙරුණු අතර, සැප්තැම්බර් මස 14වෙනිදා නැවත අනු කමිටුව රැස්වීමටද තීරණය කෙරිණි.

නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න, විශේෂ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ ලේකම්/කැඳවුම්කරු සහ නිලධාරී කමිටුවේ සභාපති/ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති, පරිසර අමාත්‍යාංශයේ ලේකම් කේ.ආර්. උඩුවාවල, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඩී.පී. වික්‍රමසිංහ, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කේ.ඒ. විමලේන්තිරරාජා, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඒ. එල්.කේ. විජේමාන්නගේ, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් සම්පත් කොටුවේගොඩ යන මහත්වරුන් ඇතුළු අදාළ දෙපාර්තමේන්තුවල නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Academy Museum Gala 2026; හොලිවුඩයම තරු එළියෙන් බැබළුණු රාත්‍රියක්!

සටහන – පුලී ඔක්තෝම්බර් 18, LNW (කොළඹ):සිනමාවේ අසිරිය, හොලිවුඩයේ දිදුලන තරු...

අලි ඇතුන්ට වෙඩි තැබීමේ සිද්ධීන් පිටුපස සංවිධානාත්මක ජාලයක් පවතීදැයි විමර්ශන.

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 18, කොළඹ LNW : අලි ඇතුන්ට වෙඩි...

 Hyron Andrewsගේ අකල් වියෝව සහ ක්‍රීඩාවේ මානුෂීය බැඳීම…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 18, කොළඹ LNW : ප්‍රංශයේදී සහෝදරත්වයේ ගෞරවාදරය...

ප්‍රංශයේ ශිෂ්‍ය අරගලය සහ එහි පසුපස ඇති සැබෑ තත්ත්වය..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 18, කොළඹ LNW : 2026 ඔක්තෝබර් මාසයේදී...