ගිවන්ත අර්ථසාද්: ලාංකේය සජීවීකරණයේ පුරෝගාමියාගේ අභාවය

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 03, කොළඹ LNW :

ශ්‍රී ලංකාවේ ප්‍රථම සජීවීකරණ සිනමාපටය වූ ‘දුටුගැමුණු’ චිත්‍රපටය නිර්මාණය කළ ප්‍රවීණ කලාකරු ගිවන්ත අර්ථසාද් මහතා අභාවප්‍රාප්ත වී ඇත.

වයස අවුරුදු 73 දී අභාවප්‍රාප්ත වූ ඒ මහතා, මෙරට සිනමා සහ රූපවාහිනී ක්ෂේත්‍රයේ දෘශ්‍ය ප්‍රයෝග සහ සජීවීකරණ තාක්ෂණයේ පුරෝගාමියෙකු ලෙස සැලකේ.

‘ඔහු සිනමා තාක්ෂණය පිළිබඳ ‘සිනමා – මායා’ වැනි වටිනා ග්‍රන්ථ රචනා කර ඇති අතර, ජාතික රූපවාහිනියේ අධ්‍යක්ෂ ජනරාල් ධුරය ද හොබවා ඇත.

චිත්‍ර කලාව, කැමරාකරණය සහ වේශ නිරූපණය වැනි විවිධ කලා අංශයන්හි නිපුණත්වයක් දැක්වූ ඔහු මෙරට සිනමා ව්‍යාකරණය පෝෂණය කිරීමට මහඟු මෙහෙවරක් ඉටු කළේය.

ශ්‍රී ලාංකේය සිනමාවට නව තාක්ෂණික මානයන් හඳුන්වා දුන් මෙම අසමසම කලාකරුවාගේ නික්මයාම මෙරට කලා ක්ෂේත්‍රයට පිරවිය නොහැකි විශාල පාඩුවකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Academy Museum Gala 2026; හොලිවුඩයම තරු එළියෙන් බැබළුණු රාත්‍රියක්!

සටහන – පුලී ඔක්තෝම්බර් 18, LNW (කොළඹ):සිනමාවේ අසිරිය, හොලිවුඩයේ දිදුලන තරු...

අලි ඇතුන්ට වෙඩි තැබීමේ සිද්ධීන් පිටුපස සංවිධානාත්මක ජාලයක් පවතීදැයි විමර්ශන.

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 18, කොළඹ LNW : අලි ඇතුන්ට වෙඩි...

 Hyron Andrewsගේ අකල් වියෝව සහ ක්‍රීඩාවේ මානුෂීය බැඳීම…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 18, කොළඹ LNW : ප්‍රංශයේදී සහෝදරත්වයේ ගෞරවාදරය...

ප්‍රංශයේ ශිෂ්‍ය අරගලය සහ එහි පසුපස ඇති සැබෑ තත්ත්වය..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 18, කොළඹ LNW : 2026 ඔක්තෝබර් මාසයේදී...