රෂිකා හෙන්නායක සැප්තැම්බර් 03, කොළඹ LNW :
ශ්රී ලංකා අභියාචනාධිකරණයේ නව විනිසුරුවරියක ලෙස සජීවනි දිල්කා ලක්මාලි කරුණානායක මෙනෙවිය,ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ නිල වශයෙන් දිවුරුම් දුන් අතර, එම අවස්ථාවට ජනාධිපති ලේකම්වරයා ද සහභාගී වී ඇත.
මීට පෙර අතිරේක සොලිසිටර් ජනරාල්වරියක ලෙස කටයුතු කළ ඇය, මෙම නව තනතුරට පත්කර ඇත්තේ අධිකරණයේ පැවති පුරප්පාඩුවක් පිරවීම සඳහාය.
මෙම සම්පූර්ණ ක්රියාවලිය ජනාධිපති කාර්යාලයීය පරිශ්රයේදී සිදු වූ බව වැඩිදුරටත් වාර්තා වේ.


