නව පොදු ප්‍රවාහන සංස්කෘතියක් ස්ථාපිත කිරීම ‘Metro Bus’ සේවාවේ අරමුණයි – ජනාධිපති ලේකම්

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 04, කොළඹ LNW :

මගීන්ට වඩාත් සුවපහසු, ආරක්ෂිත සහ ගෞරවනීය ගමන් අත්දැකීමක් ලබා දීම මගින් පොදු ප්‍රවාහන ක්ෂේත්‍රය තුළ නව සංස්කෘතියක් ගොඩනැගීම ‘මෙට්‍රෝ බස්’ (Metro Bus) සේවාවේ ප්‍රධාන අරමුණ බව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා පැවසීය.

‘ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට්’ (Lanka Metro Transit) ආයතනයේ තලංගම ඩිපෝව විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු අද (4) මේ බව සඳහන් කළේය.

ආචාර්ය කුමානායක මහතාගේ සහ ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය ප්‍රසන්න ගුණසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ඩිපෝව අද උදෑසන නිල වශයෙන් විවෘත කෙරිණි.

එම අවස්ථාවේදී අදහස් දක්වමින් ආචාර්ය කුමනායක මහතා පැවසුවේ, ‘මෙට්‍රෝ බස්’ වැඩසටහන යනු හුදෙක් නව බස් රථ හඳුන්වා දීමක් පමණක් නොව, පොදු ප්‍රවාහන ක්ෂේත්‍රයේ සමස්ත සංස්කෘතියම පරිවර්තනය කිරීමක් බවයි.

මෙහිදී මගීන්ට සුවපහසු බස් රථවල ගමන් කිරීමට අවස්ථාව සැලසෙන අතරම, රියදුරන් සහ කොන්දොස්තරවරුන් විසින් මගීන්ට ගෞරවාන්විතව සලකමින් ඔවුන්ගේ අවශ්‍යතා පිළිබඳව වැඩි අවධානයක් යොමු කරනු ඇතැයි අපේක්ෂා කරන බව ඔහු පැවසීය.

මහජනතාවට වඩාත් ප්‍රසන්න සහ ආරක්ෂිත ගමන් අත්දැකීමක් ලබා දීම ද මෙම වැඩසටහනේ අරමුණ බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පීඑස්ජී සහ බාසිලෝනා පාපන්දු තරග විශේෂ අවස්ථා..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : තරගයේ පසුබිම තරගය...

ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) දැඩි මුදල් හිගයකට මුහුණ දී ඇති බව ඇමරිකාව කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ඇමරිකා එක්සත්...

එක්සත් ජනපද-ඉරාන අර්බුදය සහ එහි ගෝලීය බලපෑම..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : මැදපෙරදිග කලාපයේ එක්සත්...

දිවයින පුරා විදුලි කප්පාදුව අදත්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ශ්‍රී ලංකා මහජන...