අද (04) රාත්රියේ බොරලැස්ගමුව මාලනී බුලත්සිංහල මාවත ප්රදේශයේදී වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව පොලිසිය සඳහන් කරයි.
අදාළ පුද්ගලයා සිය නිවසේ රැඳී සිටියදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් පිස්තෝල අවියකින් වෙඩිතබා ඇති බවත්, ඝාතනයට ලක්වී ඇත්තේ අවුරුදු 74ක් වූ බොරලැස්ගමුව ප්රදේශයේ පදිංචිකරුවෙක් බවත් වාර්තා වේ .
වෙඩිතැබීමෙන් පසු වෙඩික්කරුවන් පලාගොස් ඇති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා බොරලැස්ගමුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

