ආශිකා බ්රාහ්මණ
කොළඹ LNW:කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටින ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂට නිවසින් ආහාර ගෙන ඒමට අවසර ලබා දී තිබේ.
ඔහු රඳවා ඇති වාට්ටුවට ආශ්රිතවත් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්ද ක්රියාත්මක කර ඇති බව බන්ධනාගාර මාධ්ය ප්රකාශක සේනක පල්ලේතැන්න ප්රකාශ කරන අතර මන්ත්රීවරයා හමුවීම සඳහා දිනකට අවසර ඇත්තේ තිදෙනෙකුට බවද බන්ධනාගාර මාධ්ය ප්රකාශකවරයා කියාසිටියි.
ශ්රී ලංකන් ගුවන් සමාගමට ගුවන් යානා මිලදී ගැනීමට අදාළ ගනුදෙනුවේදී රුපියල් මිලියන 100 ක අල්ලස් ලබා ගත් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් කරන විමර්ශනයකට අදාළව පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර අනතුරුව කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මන්ත්රීවරයා එළඹෙන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර කිරීමට නියෝග ලැබිණි.


