ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා අද දිවයිනට!

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං තෙදින නිල සංචාරයක් සඳහා අද (08) දිවයිනට පැමිණීමට නියමිතයි.

ඒ හේතුවෙන් අද සිට මාර්ග කිහිපයක විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිසිය නිවේදනය කරන අතර ඒ අනුව ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා කටුනායක ගුවන්තොටුපළේ සිට කොළඹ අධිවේගී මාර්ග ඔස්සේ කොළඹට පැමිණෙන කාල සීමාව තුළ අවට මාර්ග කිහිපයක රථ වාහන ධාවනය සීමා කෙරෙනු ඇති.

හෙට (09) දිනයේ දී ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා විශේෂ වැඩසටහන් කිහිපයකට සහභාගී වන බැවින් ගාලු මැදපාර, බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රය , ඉන්දියන් සාම හමුදා ස්මාරකය ආශ්‍රිත මාර්ගවලද විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබේ.

එමෙන්ම ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට ද පැමිණීමට නියමිත බව සඳහන්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරාන නෞකා පිරිසක් ගාල්ලට පැමිණීම ගැන නි. ඇමති හංසකගෙන් ප්‍රකාශයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ගාල්ල වරායට පැමිණි...

මාතර තලල්ල වෙරළින් හමු වූ පාර්සල් සහ ගමන් මළු වල මත්ද්‍රව්‍ය කිලෝ 475ක් !

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...

‘Comfort Care Home’ සහන සත්කාර මධ්‍යස්ථානය යාපනයේ දී විවෘත වෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ජීවිතයේ අසීරුතම කාල...

ප්‍රංශයේ විරෝධතා උත්සන්න වෙයි: 70,000ක ආරක්ෂක බලකායක් යොදවයි – දහස් ගණනක් අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : ප්‍රංශය...