රන් ආලේපිත ගිනිඅවි නඩුව සහ දුමින්ද දිසානායකට ඇප!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 10, කොළඹ LNW :

වැල්ලවත්තේ පිහිටි හැව්ලොක් සිටි (Havelock City) නිවාස සංකීර්ණයෙන් රන් පැහැති ගිනි අවියක් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක සහ තවත් කාන්තාවකට එරෙහිව අධිචෝදනා ගොනු කරනු ලැබීය.

කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා ඉදිරියේ අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදී මෙම අධිචෝදනා ඔවුන් වෙත භාර දෙන ලදී.

අධිචෝදනා භාර දීමෙන් අනතුරුව, විනිසුරුවරයා විසින් විත්තිකරුවන් දෙදෙනා ඇප මත මුදා හැරීමට නියෝග කළේය.

ඒ අනුව, එක් එක් විත්තිකරු රුපියල් 50,000ක මුදල් ඇපයක් සහ රුපියල් මිලියන 2 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලදී.

එමෙන්ම විත්තිකරුවන්ගේ ඇඟිලි සලකුණු ලබාගෙන වාර්තාවක් කැඳවීමට පියවර ගන්නා ලෙසත් මෙහිදී විනිසුරුවරයා විසින් තවත් නියෝගයක් නිකුත් කරනු ලැබීය. ඉන් අනතුරුව මෙම නඩුකරය පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා ඔක්තෝබර් මස 02 වන දා කැඳවන ලෙසත් විනිසුරුවරයා විසින් නියම කරනු ලැබීය.

වැල්ලවත්තේ හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයෙන් රන් පැහැති T-56 වර්ගයේ ගිනි අවියක් සොයාගැනීම සම්බන්ධයෙන් දුමින්ද දිසානායක සහ තවත් කාන්තාවකට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ පසුගිය අගෝස්තු 5 වන දින අධිචෝදනා ගොනු කරනු ලැබීය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ විමර්ශන කොට්ඨාසය (TID) විසින් 2025 මැයි 23 වන දින දුමින්ද දිසානායකව අත්අඩංගුවට ගෙන තිබූ අතර, ඉන් අනතුරුව ඒ පිළිබඳ විමර්ශන සිදු කෙරිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිවයිනේ සියළුම පාසල් හෙට (27) වසා දැමේ!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : පවතින අයහපත් කාලගුණ...

වන්දි ගෙවීම සම්බන්ධ ගැටළුව අධිකරණය විසින් නිරවුල් කිරීමෙන් පසු කෙහෙළියට ඇප!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : පසුගිය රජය සමයේ...

රු. මි. 51ක් වටිනා කුෂ් සමඟ ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර...