ජනතාවට අවශ්‍ය ආණ්ඩුව ගෙදර යවන්න, අපි කොහොම හරි ඒක කරනවා – ජීඇල්

Date:

රාජ්‍ය ඇමතිවරුන් 38 ක් පත්කළ වත්මන් ආණ්ඩුව තවත් කැබිනට් ඇමතිවරුන් පිරිසක් පත් කිරීමට සූදානමින් සිටින බව මහාචාර්ය ජී.ඇල්. පීරිස් මහතා පවසනවා. ඉහළ දැමූ විදුලි බිල් ගෙවාගත නොහැකිව, තුන්වේල පිරිමසා ගැනීමට නොහැකිව රටේ බහුතර ජනතාව දැඩි අර්බුදයකට මුහුණදෙමින් සිටියදී ආණ්ඩුව තවදුරටත් හිතුවක්කාරී ලෙස මැති ඇමතිවරුන් පමණක් පෝෂණය කරමින් සිටින බවයි මහාචාර්යවරයා සඳහන් කරන්නේ.

තම කණ්ඩායම මේ දිනවල රටපුරා ගොස් ජනතාව හමු වී සාකච්ඡා පවත්වමින් සිටින බවත් ඔවුන් සියලුදෙනාගේම අපේක්ෂාව වී තිබෙන්නේ වත්මන් ආණ්ඩුව ගෙදර යැවීම බවත් පීරිස් මහතා පෙන්වා දෙනවා. ඔවුන්ගේ අපේක්ෂාව එය නම් හැකි ඉක්මනින් ආණ්ඩුව ගෙදර යැවීමට තම කණ්ඩායම කටයුතු කරන බවද ඔහු පවසනවා.

ජනතාව මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් ආණ්ඩුවට කිසිදු සංවේදීභාවයක් නොමැති බවත්, හිතක් පපුවක් නොමැතිව තීන්දු තීරණ ගන්නා බවත් පෙන්වා දෙන ජී.ඇල්. පීරිස් මහතා පවසන්නේ ජනතාවගේ කළකිරීම, කෝපය අතිශය සාධාරණ බවයි.

මෙතරම් රට අර්බුදයකට ගොස් සිටියදී රාජ්‍ය ඇමතිවරුන්ට වාහන, ඉන්ධන දීමනා ඇතුළු සියලු පහසුකම් ලබා දී ඇති බවත්, ඊට අමතරව දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතිවරුන්ට වාහනයක් සහ ලීටර් 300 ක ඉන්ධන දීමනාවක් ලබාදීමට තීරණය කර ඇති බවත් පීරිස් මහතා පවසනවා. ඇමතිවරුන්ට මෙවැනි පහසුකම් ලබා දෙන්නේ කන්න බොන්න නොමැති වීම නිසා දහස් ගණන් පාසල් දරුවන් පාසල් යාමෙන් වැළකී සිටින, උදෑසන රැස්වීමේදී දරුවන් ක්ලාන්ත වී වැටෙන හෙයින් උදෑසන රැස්වීම අවලංගු කරන පාසල් තිබෙන රටක බවද ඔහු පෙන්වා දෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලේඛනගත නොකළ සංක්‍රමණිකයන් පිටුවහල් කිරීම වේගවත් කිරීමට ට්‍ර්ම්ප්ගෙන් නියෝග

සටහන: සශිකලා මධුෂාණිජුනි 16; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

අපේ කණ්ඩායමේ කළු බැටළුවෝ ඉඳල තියෙනවා – පැරදුණු රීසා සරූක් කියන කතාව

කොළඹ LNW: කොළඹ මහ නගර සභාවේ පුරපති සටන වෙනුවෙන්...

වැඩිහිටි අපයෝජනය ගැන කියන්න වට්ස්ඇප් අංකයක්!

කොළඹ LNW:එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සෑම වසරකම ජුනි...