සියලු කාර්යාල දුම්රියන් ධාවනය වෙලා – දුම්රිය වැඩවර්ජනය අසාර්ථක ද?

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා එම ධුරයෙන් ඉවත් කරන ලෙස බලකරමින් ක්‍රියාත්මක කර තිබෙන පැය 48ක දුම්රිය වැඩ වර්ජනය ආසාර්ථක වී තිබෙන බව දුම්රිය සේවයට සම්බන්ධ තවත් පාර්ශව ප්‍රකාශ කරයි.

මෙම වැඩවර්ජනයට දුම්රිය රියදුරු සංගමය එනම් ලොකොමෝටිව් ඉංජිනේරු සංගමය සහය ලබා දී නැති අතර එම සංගමය පවසන්නේ මාර්ග සියල්ලෙන්ම කොළඹ කරා පැමිණෙන සියලුම කාර්යාල දුම්රියන් ධාවනය වූ බවයි.

ඇතැම් දුම්රිය ගමන් වාර අවලංගු කිරීමට සිදුව ඇත්තේ වර්ජනය නිසා නොව තාක්ෂණික හේතු මත බව එම සංගමය පෙන්වා දෙයි.

ඒ අනුව උතුරු දුම්රිය මාර්ගය, මුහුදු බඩ දුම්රිය මාර්ගය, කැළණි වැලි දුම්රිය මාර්ගය, උඩරට මාර්ගය ඇතුළු සියලුම මාර්ගවල දුම්රියන් ධාවනය වී ඇති අතර ඇතැම් ගමන්වාර ප්‍රමාද වී ධාවනය වී තිබේ.

එමෙන්ම ප්‍රවේශ පත්‍ර කවුළු වසා දැමීම හේතුවෙන් මගී ජනතාව ටිකට් පත් නොමැතිව දුම්රිය භාවිතා කරමින් තිබෙන අතර වේයන්ගොඩ ඇතුළු ඇතැම් දුම්රිය ස්ථානවල ප්‍රවේශ පත්‍ර කවුළු විවෘතව තිබී ඇති බවද සඳහන්. මේ අතර දුම්රිය ස්ථානයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පොලීසිය සහ හමුදාව යොදවා තිබේ.

සමස්ත ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය, දුම්රිය රියදුරු සංගමය ඇතුළු තවත් දුම්රිය වෘත්තීය සමිති පවසන්නේ මෙම වැඩ වර්ජනය අසාර්ථක වැඩ වර්ජනයක් බවයි.

එමෙන්ම වැඩ වර්ජනය සම්බන්ධයෙන් මගී ජනතාවද සිය විරෝධය දක්වා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂ නායක සහ IMF නියෝජිත හමුවක්!

කොළඹ LNW:ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) දූත පිරිස සහ විපක්ෂ...

නව මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙකු පත් කෙරේ..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : ජනාධිපති අනුර කුමාර...

ආපදා වාර්තාකරණයේ නව පරිච්ඡේදයක් : වාර්තා කිරීමේ සදාචාරාත්මක සියුම් රේඛාව හඳුනාගැනීමේ මෙහෙවරක්…

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW: ජාතික ව්‍යසනයකදී මාධ්‍යවේදියෙකුගේ උරහිස...

වසරේ මුල් භාගයේ ශක්තිමත් මූල්‍ය ක්‍රියාකාරීත්වය සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන IMF වෙතින් පැසසුම්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ...