රෂිකා හෙන්නායක සැප්තැම්බර් 17, කොළඹ LNW :
මෙරටට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙහෙයුම් ප්‍රධානී Evan Papageorgiou මහතා ඇතුළු නියෝජිත පිරිස සමඟ සාකච්ඡාවකට අද (17) පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේදී එක් විය.
මෙරට ආර්ථිකය මේ වන විට ස්ථාවරත්වයේ මාවතට පිවිස ඇති බව මෑතකාලීන ආර්ථික දර්ශකවලින් පෙන්නුම් කෙරෙන බවත්, එම ස්ථාවරත්වය මත රට පරිවර්තනීය යුගයක් කරා ගෙන යාම රජයේ අපේක්ෂාව බවත් මෙහිදී ජනාධිපති අනුර අවධාරණය කළේය.
මෙහිදී. ශ්‍රී ලංකාව මේ වන විට උදා කරගෙන ඇති සුවිශේෂී ආර්ථික ප්‍රගතිය මෙහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇගයීමට ලක් විය. විශේෂයෙන් රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීමට, විදේශ ආයෝජන කැඳවා ගැනීමට සහ මූල්‍ය විනය පවත්වා ගැනීමට පසුගිය කාලසීමාව තුළ අනුගමනය කළ ක්‍රියාමාර්ගද පැසසුමට ලක් කෙරිණි.
ශ්‍රී ලංකාවට ආර්ථික ස්ථාවරත්වයක් ඇති කර ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සැපයූ ශක්තිමත් පදනමද මෙහිදී කෘතවේදීව සිහිපත් කරමින්, ළඟා කරගත් ජයග්‍රහණ ආරක්ෂා කරගෙන ඉදිරියට යාම රජයේ අභිප්‍රාය බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.
එසේම, එම සියලු ආර්ථික ජයග්‍රහණ ජනතාවගේ ජීවන තත්ත්වය පහසු කිරීමට සහ උසස් කිරීමට යෙදවීම රජයේ අරමුණ බවද ජනාධිපතිවරයා පැවසීය.



