රෂිකා හෙන්නායක සැප්තැම්බර් 17, කොළඹ LNW :
ශ්‍රී ලංකා හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංග ලෝක මලල ක්‍රීඩා ශ්‍රේණිගත කිරීම්හි කැපී පෙනෙන ප්‍රගතියක් අත්පත් කරගෙන ඇති අතර, මෑතකදී නිමාවට පත් වූ අල්ටිමේට් ශූරතාවලියේදී ඔහු දැක්වූ විශිෂ්ට දක්ෂතා හේතුවෙන් ලෝක ශ්‍රේණිගත කිරීම්හි 13 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණීමට ඔහු සමත් වී ඇත.
මීට පෙර සැප්තැම්බර් මාසයේදී 25 වැනි ස්ථානයේ පසුවූ ඔහු, ලබාගත් ප්‍රසාද ලකුණු 1423 සමගින් මෙලෙස ඉදිරියට පැමිණ තිබේ.
ලෝක මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ සමස්ත ශ්‍රේණිගත කිරීම් අතරින් මුල් ස්ථාන සියය තුළ රැඳී සිටින හෙල්ල විසි කිරීමේ ක්‍රීඩකයන් දෙදෙනාගෙන් එක් අයෙකු බවට පත්වීම රුමේෂ් ලැබූ සුවිශේෂී ජයග්‍රහණයකි.
අනෙක් ක්‍රීඩකයා වන්නේ 62 වැනි ස්ථානය දිනා සිටින ග්‍රෙනේඩාවේ ඇන්ඩර්සන් පීටර්ස් වේ.



