මුලතිව් මහ රෝහලේ යටිතල පහසුකම් සහ සේවා කාර්යක්ෂමතාවය ඉහළ නැංවීමට කඩිනම් පියවර…

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW :

උතුරු පළාතේ මුලතිව් දිස්ත්‍රික් මහ රෝහලේ යටිතල පහසුකම් සහ සේවා කාර්යක්ෂමතාවය ඉහළ නැංවීමට කඩිනම් පියවර ගැනීම කෙරෙහි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ අවධානය යොමු විය.

ඒ මුලතිව් දිස්ත්‍රික් මහ රෝහලේ වත්මන් ක්‍රියාකාරිත්වය සහ රෝහලේ පවතින අඩුපාඩු සොයා බැලීම සඳහා පසුගියදා සිදූ කළ විශේෂ නිරීක්ෂණයක දීය.

මෙහිදී මුලතිව් දිස්ත්‍රික්කයේ ජනගහනය සහ දිස්ත්‍රික්කයේ අනෙකුත් සෞඛ්‍ය පහසුකම් සලකා බැලීමේ දී අඩු පහසුකම් යටතේ වුවද මෙම රෝහල සහ රෝහලේ සමස්ත කාර්ය මණ්ඩලය දිස්ත්‍රික්කයේ මෙන්ම අවට ප්‍රදේශවල ජනතාවට ලබාදෙන සෞඛ්‍ය  සේවා පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යවරයා දැඩි ප්‍රසාදය පළ කළ අතර, එමෙන්ම එම සේවා කාර්යක්ෂමතාවය තවත් ඉහළ මට්ටමකට ගෙනඒමේ හැකියාව පිළිබඳව විශේෂයෙන් සොයා බලන ලදි.

රෝහල මගින් දැනට ලබාදෙනූ ලබන සෞඛ්‍ය සේවා සහ යටිතල පහසුකම් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා  මෙහිදී ඉතා සමීපව නිරීක්ෂණය කරනූ ලැබීය.

අනතුරුව රෝහල් කාර්ය මණ්ඩලය සමග පැවැති සාකච්ඡාවෙි දී රෝහලේ කළමණාකාරීත්වය විසින් දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය සේවාවේ වත්මන් ව්‍යූහය, වත්මන් සෞඛ්‍ය දත්ත සහ සංඛ්‍යා ලේඛන මෙන්ම සෞඛ්‍ය සේවා සැපයීමේ දී රෝහල මුහුණදෙන ගැටලු පිළිබඳව ද අමාත්‍යවරයා දැනුවත් කරන ලදී.

විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල අවශ්‍යතාවයන් තවත් ඉහළ නැංවීම, ගිලන් රථ සේවා තවත් ශක්තිමත් කිරීම, රෝග පරීක්ෂණ කටයුතු සහ වකුගඩු රෝගී ප්‍රතිකාර සේවාවන් ද තවත් ශක්තිමත් කිරීම පිළිබඳව මෙහිදී අමාත්‍යවරයා සිය අවධානය යොමු කරන ලද අතර, රෝහලට අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ ලබාදීම ඇතුළු භෞතික සම්පත සමිපත් සංවර්ධන කටයුතු මෙන්ම ඉදිරි රෝහල් සංවර්ධන සැලසුම් පිළිබඳව ද අමාත්‍යවරයා මෙහිදී කරුණූ සොයා බලන ලදි.

එමෙන්ම හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකක සංකීර්ණයේ රෝගී අවශ්‍යතාවලට සාපේක්ෂව සංවර්ධන සංවර්ධන කටයුතු සිදු කිරීම, හදිසි ප්‍රතිකාර ඒකකයේ (ETU)  සහ දැඩි සත්කාර ඒකකයේ (ICU) පහසුකම් ද ඉහළ නැංවීමට ගත යුතු කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳව ද අමාත්‍යවරයා මෙහිදී සාකච්ඡා සිදු කරන ලදි.

දිස්ත්‍රික්කයේ   ජනතාවට බාධාවකින් තොරව ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදීම සඳහා රෝහලේ දැනට පවතින වෛද්‍ය සහ කාර්ය මණ්ඩල හිඟය මෙන්ම යටිතල පහසුකම් කඩිනමින් සංවර්ධනය කිරීමට අවශ්‍ය පියවර  කඩිනමින් ගන්නා බව පැවසූ අමාත්‍යවරයා රෝහල මගින් ලබාදෙන සෞඛ්‍ය සේවා තවත් කාර්යක්ෂම කිරීමට අවශ්‍ය කටයුතු කඩිනමින් සිදු කරන බව ද මෙහිදී පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“අපට පෞද්ගලික න්‍යාය පත්‍ර නැහැ, අපට ඇත්තේ පොදු අරමුණක්”- අගමැති හරිනි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : 22 වන ආණ්ඩුක්‍රම...

ශ්‍රී ලංකා රේගුවේ ආදායම් ඉලක්ක: අපේක්ෂිත සීමාවන් ඉක්මවා ගිය සැප්තැම්බර් ජයග්‍රහණය!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ රාජ්‍ය...