*
Saturday, September 28, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 10/05

1. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇත්තේ “කෙටුම්පත්” ගිවිසුමක් පමණක් බව අගමැති දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුවට දැනුම් දෙයි! – එය අවසන් කළ පසු අදාළ පාර්ලිමේන්තු කාරක සභා වෙත ඉදිරිපත් කිරීමට එකඟ වෙයි – ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය, මාස 48 ක කාලරාමුවකට යටත්ව ඇමරිකානු ඩොලර් බිලියන 2.9 ක කාර්ය-මණ්ඩල මට්ටමේ ගිවිසුමකට එළඹි බවට ඉකුත් සැප්තුම්බර් 01 වන දින වාර්තා විය.

2. 2023 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලය අනුමත කරයි – පුනරාවර්තන වියදම් රු. බිලියන 4,634; ප්‍රාග්ධන වියදම් රු. බිලියන 3,245.

3. S&P SL20 දර්ශකය ඉකුත් දින සියයට 5 කට ඉහළ ප්‍රතිශතයකින් පහත වැටීම හේතුවෙන් කොටස් වෙලඳපොල අඛණ්ඩව 2 වන දිනටත් නතර වෙයි! – සියලුම කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 413 කින් (සියයට 4.2) 9237 දක්වා පහත වැටෙයි – S&P SL20 දර්ශකය ඒකක 174 කින් (සියයට 5.70) 2875 දක්වා පහත වැටෙයි.

4. ආර්ථික අර්බුදයෙන් මිදීමට රජය ගෙන ඇති කැපවීම සහ ක්‍රියාමාර්ග තමන් අගය කරන බව ලෝක බැංකුවේ දේශීය අධ්‍යක්ෂ ෆරිස් හදාද් සර්වොස් (Faris Hadad Zervos) පවසයි.

5. පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිතව තිබූ උපායමාර්ගික සංවර්ධන ව්‍යාපෘති පනත (Strategic Development Project Act) යටතේ නිකුත් කළ නියෝගයක් අනුමත කිරීම රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා‍ ප්‍රතික්ෂේප කරයි – මේ සම්බන්ධයෙන් නිසි විශ්ලේෂණයක් ඉදිරිපත් කිරීමට ආයෝජන මණ්ඩලය අපොහොසත් වූ බව පවසයි.

6. ප්‍රාග්ධන වෙළඳපල නියාමක සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව අතීතයේ සිදු වූ බව කියන විෂමාචාර දූෂණ සම්බන්ධයෙන් පුද්ගලයන් 16 දෙනෙකුට එරෙහිව ක්‍රියා කරයි – සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභා පනතේ විධිවිධාන ප්‍රකාරව එකී පුද්ගලයන්ට වගකීම් පිළිගැනීමකින් තොරව අනතුරු ඇඟවීම් නිකුත් කිරීම හෝ දෙපාර්ශවයේ එකඟතාව මත සමතයකට පත්කර ගැනීම සිදුවේ.

7. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ ප්‍රතිරූපය යථා තත්ත්වයට පත් කිරීම සඳහා රහස් ප්‍රචාරක ව්‍යාපාරයක් ආරම්භකර ඇති බවට වාර්තා! – ඔහු විසින් ගනු ලැබූ තීරණාත්මක තීන්දු තීරණවලදී ඔහුට සමීප පුද්ගලයන් විසින් ලබාදුන් වැරදි උපදෙස් මත ඔහු නොමඟ ගිය බවට ජනතාවට ඒත්තු ගැන්වීම මෙම ව්‍යාපාරයේ අරමුණ බව සඳහන්.

8. රජය වහාම ක්‍රියාත්මක වන පරිදි තවත් පාසල් සිසුන් මිලියනයක් සඳහා දිවා ආහාර ලබා දෙන බව කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි.

9. කෝප් කමිටුවේ සභාපතිවරයා තෝරා ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ පැවැත්වෙන මැතිවරණයකදී, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ රජය විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර ඉදිරිපත් කරයි – සමඟි ජන බලවේගය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න නම් කරයි.

10. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් පොළොන්නරුවේ සංවිධානය කළ ගොවිජන විරෝධතාවයට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එක්වෙයි. – ඔහුගේ පුත්, ශ්‍රීලනිප බටහිර පොළොන්නරු ප්‍රධාන සංවිධායක දහම් සිරිසේන ද මීට එක්වෙයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan