රෂිකා හෙන්නායක ඔක්තෝබර් 12, කොළඹ LNW :
ගල්ගමුව ප්‍රදේශයේදී පාදයක ඇතිවූ ආසාදිත තුවාලයක් සඳහා ප්‍රතිකාර ලබමින් සිටියදී තඹුත්තේගම ප්‍රදේශයට සංක්‍රමණය වූ “කාවන්තිස්ස” ලෙස ප්‍රචලිත වන හස්තියා මේ වන විට පාචන රෝගයෙන් පෙළෙමින් සිටින බව වාර්තා වේ.
අනුරාධපුර කලාපයේ වනජීවී සහකාර අධ්‍යක්ෂ චන්න සූරවීර මහතා පැවසුවේ, වෙඩි පහරවල්වලට ලක්ව බරපතල ලෙස රෝගාතුරව සිටියදී ගල්ගමුව ප්‍රදේශයේ ගැවසෙමින් සිටි මෙම අලියාට පශු වෛද්‍යවරුන් විසින් ප්‍රතිකාර ආරම්භ කළ බවයි.
එහි තත්ත්වය යහපත් අතට හැරෙමින් තිබියදී එම සතා ප්‍රදේශයෙන් අතුරුදහන් වූ බවත්, පසුව වනජීවී නිලධාරීන් විසින් සොයා බලන විට එම අලියා තඹුත්තේගම ප්‍රදේශයේ ගැවසෙමින් පාචන රෝගයෙන් පෙළෙමින් සිටිනු දැකගත හැකි වූ බවත් ඔහු සඳහන් කළේය.
පශු වෛද්‍ය ආචාර්ය චන්දන ජයසිංහ මහතාගේ මඟපෙන්වීම යටතේ වනජීවී නිලධාරීන් විසින් එම තුවාලයට මෙන්ම පාචන රෝගයටද අඛණ්ඩව ප්‍රතිකාර ලබා දෙමින් සිටින බව ඔහු වැඩිදුරටත් පැවසීය.


