අධිකරණයට අපහාස කිරීමක් සම්බන්ධයෙන් කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පිරිසකට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්!

කොළඹ LNW:ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පිරිසකට එරෙහිව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා (Transparency International Sri Lanka) සංවිධානය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

ඖෂධ මිලදී ගැනීමේදී සිදුවූ අක්‍රමිකතාවක් තුළින් සිදුකළ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් රුපියල් මිලියන 75ක් ද, සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මහාචාර්ය එස්.ඩී. ජයරත්න සහ ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය විජිත් ගුණසේකර යන අය විසින් රුපියල් මිලියන 50 බැගින් රජය වෙත වන්දි ගෙවිය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉකුත් මාර්තු මස 27 වනදා තීන්දුවක් ලබාදී තිබුණි.

වගඋත්තරකරුවන් මෙම තීන්දුවට අනුව කටයුතු නොකිරීම තුළින් ඔවුන් අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බවයි එම පෙත්සමේ සඳහන් වන්නේ.

ඒ අනුව අධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීම පැහැර කරනු ලැබූ අදාළ වගඋත්තරකරුවන්ට එරෙහිව 2024 අංක 08 දරණ අධිකරණ ආයතනවලට අපහාස කිරීම පිළිබඳ පනත සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105(3) ව්‍යවස්ථාව යටතේ සුදුසු නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් අදාළ පෙත්සම තුළින් වැඩිදුරටත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘අපි නැවත Grey List එකට ඇතුළත් නොවේ’: මහ බැංකු අධිපතිගෙන් දැඩි සහතිකයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW : ශ්‍රී ලංකාව මූල්‍ය...

බැසිල්ට එරෙහිව Interpol රතු නිවේදන ලබා ගැනීමට ශ්‍රී ලංකාවෙන් පියවර!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW : රාජ්‍ය අරමුදල් අනිසි...

ශිරන්ති රාජපක්ෂ වෙනුවෙන් වෛද්‍ය මණ්ඩලයක්!

කොළඹ LNW:සිරිලිය සවිය ගිණුම සම්බන්ධයෙන් වන විමර්ශනයක් මත අත්අඩංගුවට...

ඥානසාර හිමි මගේ යාළුවෙක්. උන්වහන්සේ අවංක මනුස්සයෙක්. සිවුරට දඬුවම් දෙනවාට මම කැමති නෑ – ඇමති ලාල්

ගලගොඩඅත්තේ ඥානසාර හිමි තමන්ගේ මිතුරෙකු බවත් උන්වහන්සේ අවංක පුද්ගලයකු...