UL සන්නාමය භාවිත කළ වංචාකරුවෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 14, කොළඹ LNW :

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නම භාවිතා කරමින් WhatsApp හරහා මූල්‍ය වංචාවක් සිදු කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ලැබුණු පැමිණිල්ලක් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් සිදු කරන ලද විමර්ශනයකින් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කෙරිණි.

සැකකරු සතුව තිබී මූල්‍ය වංචාව සඳහා යොදාගත් යෙදුම් (applications) 5ක්, බැංකු ගිණුම් 40ක් සහ ATM කාඩ්පත් 15ක් නිලධාරීන් විසින් සොයා ගන්නා ලදී.

29 හැවිරිදි මෙම සැකකරු කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෙම වංචාකාරී ජාවාරම විදේශීය රටක සිට ක්‍රියාත්මක කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අලි ඇතුන්ට වෙඩි තැබීමේ සිද්ධීන් පිටුපස සංවිධානාත්මක ජාලයක් පවතීදැයි විමර්ශන.

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 18, කොළඹ LNW : අලි ඇතුන්ට වෙඩි...

 Hyron Andrewsගේ අකල් වියෝව සහ ක්‍රීඩාවේ මානුෂීය බැඳීම…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 18, කොළඹ LNW : ප්‍රංශයේදී සහෝදරත්වයේ ගෞරවාදරය...

ප්‍රංශයේ ශිෂ්‍ය අරගලය සහ එහි පසුපස ඇති සැබෑ තත්ත්වය..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 18, කොළඹ LNW : 2026 ඔක්තෝබර් මාසයේදී...

අධිකරණ තීන්දුවලට අපි යටත් වෙනවා, එතනින් එහා කවුරුවත් අපෙන් තීරණ බලාපොරොත්තු වෙන්න එපා – ජනපති

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් ලබාදී තිබියදී එම තීන්දුව...