හරිත බලශක්තිය නැංවීමට යුරෝපා සංගමය සහ ශ්‍රී ලංකාව අතර සාකච්ඡා!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 14, කොළඹ LNW :

ත්‍රිකුණාමලය වරායේ හරිත බලශක්ති මධ්‍යස්ථානයක් (Green Energy Hub) පිහිටුවීමේ යෝජනා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර සාකච්ඡා පවත්වා ඇති අතර, පුනර්ජනනීය බලශක්තිය සහ වරාය සංවර්ධනය පිළිබඳ පැවැති මෙම සාකච්ඡාවලදී ඊට අදාළ ශක්‍යතා අධ්‍යයනයක (Feasibility Study) ඇති අවශ්‍යතාව ද අවධාරණය කෙරිණි.

ආසියා-පශුම්පික කලාපය භාර ඩිරෙක්ටර් පීටරිස් උස්තුබ්ස් (Peteris Ustubs) මහතාගේ ප්‍රධානත්වයෙන් පැමිණි යුරෝපා සංගම් නියෝජිත පිරිස සහ වරාය, සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා අතර මෙම සාකච්ඡා අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි.

පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදනය සහ බලශක්ති ගබඩා කිරීමේ තාක්ෂණයන් සම්බන්ධයෙන් රජය ගෙන ඇති පියවර මෙහිදී යුරෝපා සංගම් නියෝජිත පිරිසේ ඇගයීමට ලක්වූ අතර, ශ්‍රී ලංකාව හරිත බලශක්තිය වෙත සංක්‍රමණය වීමට සහාය විය හැකි මාර්ග පිළිබඳව විමර්ශනය කිරීමටද ඔවුන් කැමැත්ත පළ කළහ.

රජය විසින් දැනට ක්‍රියාත්මක කරනු ලබන පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති පිළිබඳව අමාත්‍ය කරුණාතිලක මහතා නියෝජිත පිරිස දැනුවත් කළේය. කොළඹ වරායේ ධාරිතාව සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා කන්ටේනර් පර්යන්ත සංවර්ධනය කිරීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.

ත්‍රිකුණාමලය වරායේ යෝජිත හරිත බලශක්ති මධ්‍යස්ථානය ද සාකච්ඡාවේ ප්‍රධාන මාතෘකාවක් වූ අතර, මෙම පියවර ඇගයීම සඳහා ශක්‍යතා අධ්‍යයනයක් පැවැත්වීමේ වැදගත්කම අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

යුරෝපා සංගමයේ 'Global Gateway' වැඩසටහන යටතේ වරාය සංවර්ධන ව්‍යාපෘති සඳහා ලබාගත හැකි වියහැකි සහාය පිළිබඳව ද දෙපාර්ශවය අතර සාකච්ඡා කෙරිණි.


Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ තීන්දුවලට අපි යටත් වෙනවා, එතනින් එහා කවුරුවත් අපෙන් තීරණ බලාපොරොත්තු වෙන්න එපා – ජනපති

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් ලබාදී තිබියදී එම තීන්දුව...

ශිරන්ති රාජපක්ෂ ජාතික රෝහලෙන් නවලෝක රෝහලට

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු ජනාධිපති මහින්ද...

බලංගොඩ කස්සප හිමිට කිසිම පහර දීමක් වෙලා නැහැ.චෝදනා අසත්‍යයි – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

කොළඹ LNW:විහාර මහාදේවි උද්‍යානයේදී පය ලිස්සා වැටීම හේතුවෙන් ඊයේ...