මෙවරත් ජිනීවා ජන්දය පරදිනවා.තවත් නම් කටින් ගහල වැඩක් නැහැ (VIDEO)

Date:

ජිනීවා මානව හිමිකම් කොමිසමේදී ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කර තිබෙන යෝජනාවේ ජන්ද විමසීම අද අතර පසුගිය වර මෙරටට පක්ෂව ජන්ද 11ක් ලැබුණද මෙවර එය 7ක් 8ක් දක්වා අඩු විය හැකි බවත් එහෙයින් තවදුරටත් ප්‍රමාද නොවී මානව හිමිකම් සුරක්ෂිත කිරීම පිළිබඳ කටින් නොව ක්‍රියාවෙන් පෙන්වාදීම සිදුකළ යුතුව ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු සභාපති මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා අද (06) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රමුඛ ලෙස සලකන්නේ රටක ස්වාධීනත්වය, භෞමික අඛණ්ඩතාව වැනි කාරණා වන හෙයින් ලෝක ප්‍රජාව දිනා ගැනීමේ අවස්ථාව ලංකාව සතුවන බවයි මහානාමහේවා මහතා පැවසුවේ.

මෙවර ශ්‍රී ලංකාවට එරෙහිව ආර්ථික අපරාධ කර තිබෙන බවටද චෝදනා එල්ල වී ඇති හෙයින් ජන්ද ප්‍රමාණය අඩු වීමට එය හේතුවක් වී තිබෙන බවද හෙතෙම කියා සිටියේය.

කෙසේවෙතත් මේ මොහොතේ ඔවුන් ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාව සම්මත කර ගන්නා බවත් ශ්‍රී ලංකාවට වාසිදායක තත්ත්වයක් ඇති කර ගැනීමට නම් ඉන්දියාවට අප සම්බන්ධයෙන් විශ්වාසයක් ඇති විය යුතු බවත් ඔහු පෙන්වා දුණි..

අද දිනයේදී 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී සාකච්ජාවට ගැනෙන අතර පස්වරුව වන විට ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ධනාත්මක අදහසක් ඉන්දියාවට ඒත්තු ගැන්විය යුතු බවයි මහානාමහේවා මහතා පැවසුවේ.

රට තුළ මානව හිමිකම් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් අමාත්‍යංශයක්,ඇමතිවරයෙක් පත්කිරීමේ වැදගත්කමද ඔහු සඳහන්කරන ලදී.

දැනටමත් ඉදිරිපත්කර තිබෙන LLRC වාර්තාව,පරණගම වාර්තාව අනුව හෝ ක්‍රියාත්මක වෙන බව පෙන්විය යුතු වන බවයි ඔහු කියාසිටියේ.

විශේෂයෙන් ජිනීවා මානව හිමිකම් කොමිසමට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත්ව තිබෙන ආර්ථික අපරාධ මෙන්ම පසුගියදා පැවති අරගලය හා සම්බන්ධ සිදුවීම් බලපෑමක් කර තිබෙන බවත් හෙතෙම වැඩිදුරටත් පැවසුවේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සරත් ඍතුවෙන් පසුව එළැඹුණු නෙවර්මෝර් ඇකඩමියේ තතු සමඟින් “Wednesday Season 2”

සටහන – පුලී අගෝස්තු 19, කොළඹ (LNW): නෙවර්මෝර් ඇකඩමියට නව...

බොරු ප්‍රචාරවලට අහුවෙන්න එපා. ආණ්ඩුව සල්ලි අච්චු ගහල නෑ!

කොළඹ LNW:පවතින වපසරිය තුළ ආණ්ඩුව මුදල් අච්චු ගැසීමක් අකර...

හිටපු ජනාධිපති රනිල්ව CIDයට කැඳවයි !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ...

පොහොර සහනාධාරය QR ක්‍රමයට!

කොළඹ LNW:ගොවීන් සඳහා පොහොර සහනාධාරය ලබාදීමේදී ඩිජිටල් ක්‍රමවේදය ඔස්සේ...