බලයට පැමිණ වසර දෙකක් ගතවෙද්දී පොරොන්දු ඉටු කළාදැයි ඇතැමුන් විමසන නමුත් ඒ සියල්ල එකවර කළ නොහැකි බවත් ඒවා ඉටුකිරීමට නම් ආණ්ඩුව වසර 10ක්වත් එක දිගට ඉදිරියට යායුතු බවත් නිවාස, ඉදිකිරීම් හා ජලසම්පාදන නියෝජ්ය අමාත්ය ටී. බී. සරත් මහතා පවසයි.
“දිට්වා සුළි කුණාටුව එන්න ඉඩකඩ තියෙනවා. කාලගුණ වාර්තාවල අපිට කියන්නේ දිට්වා එක සක්රීය වෙමින් තියෙනවා කියලා. ඒ නිසාම අපි කන්නය ඉස්සරහට අරගෙන තියෙනවා. අපි බලන්නේ දිට්වා එක කොහොම ආවත් දිට්වා එකෙන් මේ වහින මාස දෙක පාවිච්චි කරලා වතුර ටික ස්ටොක් කරගෙන එතනින් පස්සේ එම යල් කන්නය මාර්තු මුලට අරගෙන කන්නය කරලා මැයි වෙනකොට අවසන් කරන්න. ජනතාවගේ අවශ්යතාවයන් මේ වගේ සම්පූර්ණ කරන ආණ්ඩුවක් අවුරුදු 10ක්වත් එක දිගට යන්න ඕනෙ. දැන් අපෙන් ඉල්ලනවා බලයට ඇවිල්ලා අවුරුද්දයි, දෙකයි කෝ අරක නෑ, මේක නෑ කියලා. ඒ ඔක්කෝම කරන්න බෑ. මේ ඉන්න නිලධාරීන්ගෙන් මේක කරගන්නත් ඕනෙ. තව අපෙ සැලසුම් ගොඩක් අපි හිතමින් ඉන්නවා, කියන්නෙ නැත්තෙ මොකද කියලා දන්නවද ? මොකද ඕගොල්ලෝ ඊළඟට කෝ කෝ කළාද, කළාද කියලා අහනවා”
ටී. බී. සරත් නියෝජ්ය අමාත්යවරයා මේ බව පැවසුවේ ඊයේ (15) පොලොන්නරුව ප්රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.
කෙසේවෙතත් ටී. බී. සරත් මහතා මෙම ප්රකාශය සිදුකළේ දිට්වා සුළි කුණාටුව සහ එල්නීනෝ තත්වය පටළවාගෙන බවක් පෙනේ. දිට්වා සුළි කුණාටුව පැමිණියේ 2025 නොවැම්බර් මාසයේදී ය. 2027 වසරේ වගා කටයුතු සඳහා ජල කළමනාකරණය පිළිබඳ මේ වනවිට සාකච්ඡා පැවැත්වෙමින් ඇත්තේ එල්නීනෝ තත්වය හේතුවෙනි.


