යේමනයේ ජනාධිපති මන්දිර සංකීර්ණයට මිසයිල ප්‍රහාරයක් – පස්දෙනෙකු මරුට, 16කට තුවාල

සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 16 :
යේමනයේ අඩන් නගරයේ පිහිටි අල්-මාඅෂික් ජනාධිපති මන්දිර සංකීර්ණය ඉලක්ක කර එල්ල වූ මිසයිල ප්‍රහාරයකින් පුද්ගලයන් පස්දෙනෙකු මියගොස් තවත් 16 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

2026 ඔක්තෝබර් 15 වැනිදා සිදුවූ මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් හූති සංවිධානය ප්‍රකාශ කර ඇත්තේ ජනාධිපති මන්දිර සංකීර්ණය තුළ පිහිටි සෞදි අරාබියට සම්බන්ධ හමුදා මෙහෙයුම් මූලස්ථානයක් සහ අවි ගබඩා ඉලක්ක කළ බවයි.

ප්‍රහාරයෙන් තුවාල ලැබූවන්ට ප්‍රතිකාර ලබාදීමට පියවර ගෙන ඇති අතර, සිද්ධියෙන් පසු ප්‍රදේශයේ ආරක්ෂාව තර කිරීමට ද බලධාරීන් කටයුතු කර තිබේ.

මේ අතර, යේමන අග්‍රාමාත්‍යවරයා සහ කැබිනට් මණ්ඩල සාමාජිකයන් ආරක්ෂිතව සිටින බව නිලධාරීන් ප්‍රකාශ කර ඇති අතර යේමනයේ පවතින ගැටුම්කාරී තත්ත්වය මධ්‍යයේ සිදුවූ මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අනාවරණය වෙමින් පවතී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇත්තටම මොකද වුණේ : ජාතික පද්ධති ක්‍රියාකරුගේ නිවේදනය

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 17, කොළඹ LNW : ජාතික පද්ධති...

I DON’T COOK, I DON’T CLEAN” කියපු Cardi B ට ආච්චිලාගේ ගෙදරදී කොස්ස අතට ගන්න වෙයි! 

සටහන – පුලී ඔක්තෝම්බර් 17, LNW (කොළඹ): ලෝකයේ සුපිරි වේදිකාවල දහස් ගණනක්...