කැරපොත්තන්ගේ ජනතාවාදී පක්ෂ රැලියට පෙර නවදිල්ලියේ පොලිස් ආරක්ෂාව දැඩි කෙරේ

සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 16
:

ඉන්දියාවේ තරුණ නායකත්වයෙන් යුත් ‘කැරපොත්තන්ගේ ජනතාවාදී පක්ෂය’ (Cockroach Janta Party – CJP) විසින් කැඳවා ඇති විරෝධතා රැලියක් හමුවේ නවදිල්ලි අගනුවර ආරක්ෂක විධිවිධාන දැඩි කිරීමට ඉන්දීය පොලිසිය පියවර ගෙන තිබේ.

ඒ අනුව, නවදිල්ලියේ කොනට් පෙදෙසේ පිහිටි සෙන්ට්‍රල් පාර්ක් ප්‍රදේශය වසා දැමීමට බලධාරීන් කටයුතු කර තිබේ. එමෙන්ම නීති විරෝධී රැස්වීම්වලට සහභාගී වීමෙන් වළකින ලෙස ජනතාවට දැනුම් දී ඇති අතර, විරෝධතාවට සම්බන්ධ වුවහොත් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට ව්‍යාපාරයේ නිර්මාතෘ අභිජීත් දිප්කේට ද පොලිසිය අනතුරු අඟවා තිබේ.

ඉන්දීය ප්‍රධාන මැතිවරණ කොමසාරිස් ඥානේෂ් කුමාර්ගේ ඉල්ලා අස්වීම ඉල්ලා මෙම විරෝධතා සංවිධානය කර ඇති අතර, පසුගිය දිනවල විරෝධතාවලට සහභාගී වූ පක්ෂ ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගැනීමත් සමඟ රජය සහ විරෝධතාකරුවන් අතර පවතින මතභේදාත්මක තත්ත්වය තවදුරටත් උග්‍ර වී ඇත.

කොක්‍රෝච් ජනතා පක්ෂය ලෙස හඳුන්වන මෙම තරුණ ව්‍යාපාරය ආරම්භ වී ඇත්තේ අන්තර්ජාලය ඔස්සේ පැතිර ගිය ව්‍යාපාරයක් වන අතර වාර්තා අනුව, ඉන්දියාවේ ප්‍රධාන විනිසුරුවරයකු රැකියා විරහිත තරුණයන් සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් පිළිබඳ මතභේදයක් ඇතිවීමෙන් පසුව, තරුණයන් පිරිසක් ‘කොක්‍රෝච්’ යන නාමය සංකේතාත්මකව භාවිත කරමින් මෙම ව්‍යාපාරය ගොඩනඟා ඇති අතර අභිජීත් දිප්කේ පක්ෂයේ නිර්මාතෘ වේ.

කාලයත් සමඟ එය සමාජ මාධ්‍ය ව්‍යාපාරයකින් ඔබ්බට ගොස්, තරුණ විරෝධතා සහ දේශපාලන වගවීම වෙනුවෙන් හඬ නඟන ව්‍යාපාරයක් බවට පත්ව ඇත.

මෙම ව්‍යාපාරයේ ආධාරකරුවන් රැකියා, අධ්‍යාපනය, රාජ්‍ය පාලනය සහ මැතිවරණ විනිවිදභාවය වැනි කරුණු සම්බන්ධයෙන් සිය විරෝධය පළ කරති.

මීට පෙර පැවති විරෝධතා හමුවේ ඉන්දීය අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් ජූලි මාසයේදී ඉල්ලා අස්වීම ද මෙම තරුණ ව්‍යාපාරය සම්බන්ධයෙන් වාර්තා වූ වැදගත් දේශපාලන සිදුවීමකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට කඳවුරු බදින්න හැදු භික්ෂුන් වහන්සේලා විහාර මහා දේවි උද්‍යානයට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස...

රෝද හතරෙන් අහසටත්! මස්ක්ගේ නවතම ටෙස්ලා මෝටර් රථය ලෝකයම මවිත කරයි!

සටහන – පුලී ඔක්තෝම්බර් 16, LNW (කොළඹ): විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටවලට පමණක් සීමා...

ශිරන්ති රාජපක්ෂට ඇප !

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ...