ලංකාවේ කැරම්වලට තවත් පදක්කම් දෙකක්

Date:

මැලේසියාවේ පැවත්වෙන 8 වන ලෝක කැරම් සූරතාවලියේ පිරිමි කණ්ඩායම් අංශයේ රිදී පදක්කමත්,කාන්තා කණ්ඩායම් අංශයේ ලෝකඩ පදක්කමත් ශ්‍රී ලංකාවට හිමි වුණා.

ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම, ප්‍රබල ඉන්දියාව හමුවෙ තරග 03/00 අවසන් මහා තරගය පරාජයට පත් වුණා. මෙහිදී ඒකල තරගවලදී නිශාන්ත ප්‍රනාන්දු වත්මන් ලෝක ශූර ප්‍රසාන්ත් මෝරේ හමුවේ තරග වට 02/00 ලෙසත්, සහීඩ් හිල්මි හිටපු ලෝක ශුරයකු වන කෝමර්වේලි ශ්‍රීනිවාස් අතින් 02/00 ලෙසත් පරාජයට පත් වුණා. යුගල තරගයට සහභාගි වූ උදේශ් පෙරේරා සහ සුරාජ් මදුවන්ත, සන්දිප් ඩිව් සහ අබ්දුල් රහුමාන් හමුවේ පරාජයට පත් වුණේ තරග වට 02/00 ලෙසයි.

ශ්‍රී ලංකා කාන්තා කැරම් කණ්ඩායම වෙතින් බංග්ලාදේශය පරාජයට පත් වුණේ, තරග 03/00 ලෙසයි. එහිදී ජෝශප් රොශිටා සහ රෙබේකා ඩැලරින් ඒකල තරග 2/0 ලෙසත්, යුගල තරගය නිසංසලා මධුවන්ති සහ ටශ්මිලා කාවින්දි 02/00 ලෙසත් බංගලාදේෂ ක්‍රීඩිකාවන් පරාජයට පත් කරමින් ජය හිමි කරගත්තා.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වජිර තමුසෙ මහ සවුත්තු මිනිහෙක් ! – රටේ රාළ

Lanka News Web අඩවියේ " විපක්ෂ නායක සජිත්ගේ සම...

විහිළුකාරයො හිතාගන්න බැරි තරම් සංකීරණයි

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: යුක්රේන ජනාධිපති Volodymyr Zelenskyy...

ග්‍රීන් අන්තිම සටනේදී බ්ලූ පරදවයි

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: අවසාන තරගය දක්වාම පෙරමුණ...

පසුගිය රජයේ ප්‍රබල නිලධාරියෙක් 27 අත්අඩංගුවට ?

පසුගිය රජය සමයේ ඉහළම රාජ්‍ය නිලධාරියෙකු වශයෙන් කටයුතු කළ...