ප්‍රහාරයක් බව කියමින් බලංගොඩ කස්සප හිමි රෝහල්ගත වෙයි. පැයකින් පමණ පිටව යයි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලමින් කොළඹ විහාරමහාදේවී උද්‍යානයේ සත්‍යග්‍රහයක නිරත වී සිටි බලංගොඩ කස්සප හිමියන් ඊයේ (17) රාත්‍රියේ රෝහල්ගත කර තිබිණි.

ඒ, සත්‍යග්‍රහය අතරතුර එම ස්ථානයේදී පොලීසියත් සමග ඇතිවූ උණුසුම් තත්වයකදී පහරදීමක් සිදුවූ බව කියමිනි. සත්‍යග්‍රහයේ සිටි පිරිස එහිමියන්ව සුවසැරිය ගිලන් රථයකින් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර තිබිණි.

කෙසේවෙතත් කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සම්පත් ඉන්දික කුමාර මහතා පැවසුවේ එහිමි මූලික පරීක්ෂාවෙන් පසු තවදුරටත් ප්‍රතිකාර අනවශ්‍ය බව පවසා ජාතික රෝහලින් පිටත්ව ගොස් ඇති බවයි.

“අද දින පස්වරු 8.30ට පමණ ශ්‍රී ලංකා ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයට ප්‍රතිකාර සඳහා පැමිණි බලංගොඩ කස්සප ස්වාමීන් වහන්සේ පැයකට පමණ පසු ප්‍රතිකාර තවදුරටත් අනවශ්‍ය බව දන්වා රෝහලින් බැහැරව ගොස් තිබෙනවා. ඒ වගේම උන්වහන්සේ පැමිණි කාරණාව සම්බන්ධව අදාළ වෛද්‍යවරු විසින් පරීක්ෂා කර බලා අදාළ විකිරණ පරීක්ෂණයන් අල්ට්‍රා සවුන්ඩ් පරීක්ෂණයන්, ඒ වගේම උන්වහන්සේගේ ලේ පරීක්ෂාවන් සිදුකරලා බලලා තියෙනවා ඒවායේ කිසිදු වරදක් ඇති බවට ඒ අවස්ථාවේදී සලකුණු සටහන් වෙලා නෑ. ඒ වගේම උන්වහන්සේගේ හිසට පහර වැදුණු බවට පැවසීම නිසා වෛද්‍යවරු යෝජනා කරලා තිබුණා හදිසි අනතුරු වාට්ටුවකට ඇතුළත් වෙලා උන්වහන්සේව පූර්ණ ලෙස පරීක්ෂාවට, නිරීක්ෂණයට ලක් කරලා නිරීක්ෂණ වාට්ටුවක තබා ගැනීමේ අවශ්‍යතාව උන්වහන්සේට දැනුම්දීලා තිබුණා. නමුත් උන්වහන්සේ එම ප්‍රතිකාරයන් අවශ්‍ය නොවන බව පවසා පැයකට පමණ පසු රාත්‍රි 9.30ට පමණ ශ්‍රී ලංකා ජාතික රෝහලින් බැහැරව ගිය බවට වාර්තා වෙනවා”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල්ගේ පෞද්ගලික ලේකම්ගේ නිවසේ තිබූ සේප්පුවක් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික...

කාවන්තිස්ස මහ ඇතුගේ අවසන් කටයුතු සියඹලන්ගමුවේදී සිදුකෙරේ. විපක්ෂ නායක සජිතුත් එක්වෙයි

මෙරට සිටි විශාලතම හස්තියකු වූ කාවන්තිස්ස ඇතුගේ දේහය පිළිබඳ...

ජනපති අනුර අද බදුල්ලේ කාන්තාවන් හමුවට

"අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි" මැයෙන් ජනාධිපති අනුර...