ඉදිරියේදී ගෑස් හිඟයක් නෑ – Litro කියයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 18, කොළඹ LNW :

දින 2ක් තුළ ගෑස් සිලින්ඩර 180,000ක් බෙදා හැරීමට Litro වෙතින් පියවර!

පසුගිය දින කිහිපය තුළ ඇති වූ ගෑස් හිඟය සැලකිල්ලට ගනිමින්, අද (18) දිනයේ විශේෂ ගෑස් බෙදා හැරීමේ මෙහෙයුමක් සිදු කරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.

අද(18) දිනයේ එල්.පී. (LP) ගෑස් සිලින්ඩර 80,000ක් ද, හෙට(19) දිනයේ තවත් සිලින්ඩර 100,000ක් ද බෙදා හැරීමට කටයුතු යොදා ඇති බව ලිට්‍රෝ ගෑස් සභාපති චන්න ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

මේ අතර, මෙට්‍රික් ටොන් 3,900ක ගෑස් තොගයක් රැගත් නෞකාවක් අද දිනයේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇත.

මීට අමතරව, මෙට්‍රික් ටොන් 3,900ක ගෑස් තොගයක් රැගත් තවත් නෞකාවක් පසුගිය ඔක්තෝබර් 16 වැනිදා දිවයිනට පැමිණි බව ද සභාපතිවරයා සඳහන් කළේය.

මෙම ගෑස් තොග සැලකිල්ලට ගන්නා විට, ඉදිරියේදී ගෑස් හිඟයක් ඇති නොවනු ඇති බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රංශයේ විරෝධතා අතරතුර ප්‍රචණ්ඩ ගැටුම්, කොල්ලකෑම් සහ ගොඩනැගිලි ගිනි තැබීම් – 1200කට අධික පිරිසක් අත්අඩංගුවට!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:පාසල්වල පවතින දුෂ්කරතා සහ ජීවන වියදම ඉහළ...

ජීවන වියදම ඉහළ යාම හේතුවෙන් රටවල් කිහිපයක දැවැන්ත විරෝධතා

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 18: ජීවන වියදම...

චී…..අපේ හාමුදුරුවනේ!

උපාලි කොළඹගේ කොළඹ LNW:මට මතක් වෙනවා විදේශික හිමිවරුන් පිරිසක් ලෝක...

ප්‍රශ්න තුනයි, දවස් පහයි! ට්‍රම්ප්ගේ නව මාධ්‍ය ලේකම්වරියගේ හුළං බසී!

සටහන – පුලී ඔක්තෝම්බර් 18, LNW (කොළඹ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ...