රෂිකා හෙන්නායක ඔක්තෝබර් 18, කොළඹ LNW :
කාවන්තිස්ස ඇතාගේ මරණය සම්බන්ධයෙන් අපක්ෂපාතී සහ විනිවිදභාවයෙන් යුත් පරීක්ෂණයක් පැවැත්වීමට පියවර ගන්නා බව පරිසර අමාත්ය ආචාර්ය ධම්මික පටබැඳි මහතා පවසයි.
ඊයේ (17) ලබා දුන් අධිකරණ තීන්දුවට අනුකූලව තවදුරටත් පරීක්ෂණයක් සිදු කරන බව ද ඔහු ප්රකාශ කළේය.
කවන්තිස්සගේ දේහයෙන් ලබාගත් සාම්පල විවිධ ආයතන හරහා විද්යාගාර පරීක්ෂාවට ලක් කෙරෙන බව අමාත්යවරයා වැඩිදුරටත් පැවසීය.
ඒ අනුව, රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව මෙන්ම පෞද්ගලික අංශයේ විද්යාගාර මගින් ද මෙම පරීක්ෂණ සිදු කරනු ඇති බව අමාත්යවරයා සඳහන් කළේය.


