ප්‍රශ්න තුනයි, දවස් පහයි! ට්‍රම්ප්ගේ නව මාධ්‍ය ලේකම්වරියගේ හුළං බසී!

සටහන – පුලී

ඔක්තෝම්බර් 18, LNW (කොළඹ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව මාධ්‍ය ලේකම්වරිය ලෙස පත් වූ කේටි සකාරියාගේ (Katie Zacharia) ධවල මන්දිර ගමන දින පහක් ඇතුළතම අවසන් වීමේ පුවත දේශපාලන ලෝකයේ අවධානයට ලක්ව තිබේ. ඇයගේ පළමු මාධ්‍ය හමුවෙන් පසුව එල්ල වූ දැඩි විවේචන සහ සිය වෘත්තීය සුදුසුකම් පිළිබඳ මතු වූ ප්‍රශ්න මධ්‍යයේ මෙම තත්ත්වය උදා වී ඇත.

කතාවේ විශේෂත්වය වන්නේ ඇයගේ පළමු මාධ්‍ය හමුව පැවැත්වූ ආකාරයයි. ධවල මන්දිරයේ මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්න වැලක් එල්ල වීම සාමාන්‍ය දෙයක් වුවත්, සකාරියාගේ පළමු හමුව විනාඩි 15කටත් අඩු කාලයකින් අවසන් වී තිබිණි. එහිදී මාධ්‍යවේදීන්ට ප්‍රශ්න තුනක් පමණක් ඇසීමට අවස්ථාව ලැබීම ද විවේචනයට ලක් වූ කරුණකි. ප්‍රශ්න තුනකට මුහුණ දුන් පළමු මාධ්‍ය හමුවෙන් පසු ප්‍රශ්න නම් තුනකට සීමා නොවූ බව පෙනෙන්නට තිබිණි!

වයස අවුරුදු 42ක් වන සකාරියාට ඉන්පසුව ගත වූ දින කිහිපය පහසු වූයේ නැත. ඇයගේ වෘත්තීය සුදුසුකම් සහ එවැනි ඉහළ තනතුරක වගකීම් දැරීමට ඇය කෙතරම් සූදානම්ද යන්න පිළිබඳව විවිධ මාධ්‍ය ආයතන ප්‍රශ්න මතු කළේය. නීතිමය කරුණු පිළිබඳ දැනුමක් තිබීම එක් දෙයක් වුවත්, ධවල මන්දිරයේ මාධ්‍යවේදීන්ගේ අභියෝගාත්මක ප්‍රශ්නවලට මුහුණ දීම තවත් දෙයක් බව මෙම සිදුවීමෙන් පැහැදිලි වේ.

සකාරියාගේ තනතුරෙන් ඉවත්වීම පිළිබඳ පුවත ප්‍රසිද්ධ වීමට ටික වේලාවකට පෙර ජනාධිපති ට්‍රම්ප් ද ඇය සම්බන්ධයෙන් අදහස් පළ කළේය. මැරීන් වන් හෙලිකොප්ටරය ඉදිරිපිට පැවැති හදිසි මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේ, ඇයට මෙම කාර්යය කිරීමට අවශ්‍ය නොමැති නම් එය භාරගැනීමට බලපෑමක් නොමැති බවයි. තමන් ඇයට, “කේටි, මේක ඔයාට කරන්න ඕනෑ දෙයක්ද? ඇත්තටම, ඔයාට මේක අවශ්‍ය නැහැ” යනුවෙන් පැවසූ බව ද ට්‍රම්ප් කියා සිටියේය.

එපමණක් නොව, “ඔයාට මේ විදිහට සැලකීමට ඉඩ දිය යුතු නැහැ” මේ සිදුවීම් වලින් හිත තලාගත් ට්‍රම්ප්පච්චි මෙසේ සඳහන් කළේය. මාධ්‍ය ආයතන ඇයට තරමක් අමිහිරි ආකාරයෙන් සැලකූ බව ඔහුගේ අදහස විය. ඒ අනුව, සකාරියාගේ පළමු මාධ්‍ය හමුවෙන් ආරම්භ වූ විවේචන සහ ඇයගේ තනතුරේ අනාගතය පිළිබඳ කතාබහ තවත් උණුසුම් විය.

මේ අතර, සිදුවීමේ අවසානයත් කැපී පෙනෙන එකක් විය. තනතුරෙන් ඉවත්වීම පිළිබඳ පුවත් පළ වී පැය කිහිපයකට පසු සකාරියා, X සමාජ මාධ්‍ය ජාලයේ ට්‍රම්ප්ට ප්‍රශංසා කරමින් සටහනක් පළ කළාය. ඔහු කරුණාවන්ත, අපූරු, ත්‍යාගශීලී, කල්පනාකාරී සහ උද්‍යෝගිමත් පුද්ගලයෙකු බව සඳහන් කළ ඇය, ට්‍රම්ප් වෙනුවෙන් සේවය කිරීමට ලැබීම ගෞරවයක් බව ද ප්‍රකාශ කළාය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රංශයේ විරෝධතා අතරතුර ප්‍රචණ්ඩ ගැටුම්, කොල්ලකෑම් සහ ගොඩනැගිලි ගිනි තැබීම් – 1200කට අධික පිරිසක් අත්අඩංගුවට!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:පාසල්වල පවතින දුෂ්කරතා සහ ජීවන වියදම ඉහළ...

ජීවන වියදම ඉහළ යාම හේතුවෙන් රටවල් කිහිපයක දැවැන්ත විරෝධතා

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 18: ජීවන වියදම...

චී…..අපේ හාමුදුරුවනේ!

උපාලි කොළඹගේ කොළඹ LNW:මට මතක් වෙනවා විදේශික හිමිවරුන් පිරිසක් ලෝක...

නෙටෝගේ ගෝල දෙකෙන් චෙල්සි කණ්ඩායමට ජයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 18, කොළඹ LNW : චෙල්සි කණ්ඩායම එවර්ටන්...