චී…..අපේ හාමුදුරුවනේ!

උපාලි කොළඹගේ

කොළඹ LNW:මට මතක් වෙනවා විදේශික හිමිවරුන් පිරිසක් ලෝක සාමය උදෙසා රටින් රටට ගිය පා ගමන. එහිමිවරු අපේ රටටද වැඩියා. සුනඛයකුත් සමග සිදු කළ පාදයාත්‍රාව කෙතරම් සාමකාමී ද සුන්දර ද?

ඒකටත් එක්ක අපේ හාමුදුරුවරු. කියන්නත් කණගාටුයි. තථාගතයාණන් වහන්සේ දෙසූ දහමට කිසිදු සම්බන්ධයක් නැති කරුණකට බුදු පිළිමයක් පෙරටු කරගෙන පාද යාත්‍රාවක. උන්වහන්සේලාට ඊට අයිතිය ඇත. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දුන් අයිතියකි.

නමුත් මේ ඉල්ලන්නේ මොකක්ද? හිරදඬුවම් විඳින භික්ෂූන් වහන්සේ වෙනත් කරුණකට උසාවි ගෙනෙන විට චීවරයෙන් වැඩ මවීමට අවසර දෙන ලෙසය.⁣ දැන් මෙම ඉල්ලීම තවත් දිග දුර ගොස්ය. එනම් සිරගතව සිටින ඥානසාර ස්වාමීන් වහන්සේ නිදහස් කරන ලෙස ද ඉල්ලා සිටිති.

දැනටමත් සිවුර පිටින් උසාවි යෑමේ අවසරය ලැබෙමින් පවතී. එම අවසරයද තවත් අතුරු ප්‍රශ්න රාශියකට මුල පිරීමක් බව අමුතුවෙන් කිවයුතු නැත. මෙම අවසරය දැනට සිරගතව සිටින 63 නමට අමතරව වෙන්ඩ හිරේ භික්ෂූන්ටද එකසේ බලපානවා ඇත. බලන්න සිවුරක් ඇඳගෙන අත් මාංචු දමා ගෙන වඩින ⁣කොට කැත.

තමුන්නැහැලා සිවුරේ ගෞරවය රකින්නේ මෙලෙසද?

ඇත්ත වශයෙන් විය යුත්තේ හිරේට නියමවූ භික්ෂූන් පිළිබඳව සඟ සසුන තුළ අභ්‍යන්තර පරීක්ෂණයක් පවත්වා සඟසසුනෙන් නෙරපා හැරීම නොවේද? ඒ වෙනුවට කඩපිල් ගානෙ පයින් ඇවිදීම කෙතරම් ලජ්ජා සහගතද? නව රෙගුලාසි ක්‍රියාත්මක වූ පසු මිනීමැරුම්, ස්ත්‍රී දූෂණ, මංකොල්ල කෑම් ආදියට සිරගත වූ භික්ෂූන්ටද මෙම සැනසිලි තෑග්ග භුක්ති විඳීමට හැකි වන්නේය. එම භික්ෂූන් අයත් නිකායෙන් අසා ඒ පිළිබඳව තීරණය කරන බව කියතත් එය කෙතරම් ප්‍රායෝගික ද නීත්‍යනුකූල ද යන්න ගැටලුකාරීය. සංඝාධිකරණයක අවශ්‍යතාව පැන නැගී ඇත්තේද ඒ ඒ නිකායන් සතු බලයට නීත්‍යනුකූල වටිනාකමක් ලබා දීම පිණිසය. එවන් පසු බිමක අර උන්නාන්සේට ජම්පරේ අර උන්නාන්සේට සිවුර ආදී වශයෙන් බෙදා වෙන් කිරීම හිතන තරම් පහසු නොවන්නට පුළුවන.

එමෙන්ම හැමට එක නීතිය යන්නටද මෙම නව රෙගුලාසි හරස් වන අවස්ථා තිබිය හැක. සාමාන්‍ය වැසියන් ටද බන්ධනාගාරයෙන් පිටතට ගෙනයන අවස්ථාවල සාමාන්‍ය පුරුදු ඇඳුමෙන් සැරසී සිටීමට ඉල්ලා සිටිය හැක. උසාවිය ඉදිරියේ ඊට ලැබෙන ප්‍රතිචාරය ගැනද අප විමසිල්ලෙන් .

මිනීමැරුමකට හෝ ස්ත්‍රී දූෂණයකට බන්ධනාගාරගතව සිටින ගිහියකු හා හිමිනමකට වෙන්ව සැලකිය හැකිද?

මෙම ඉල්ලීම් අතර ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබා දියයුතුය යන ඉල්ලීමට දැනටමත් ආණ්ඩුවේ ප්‍රතිචාර ලැබී තිබේ. ප්‍රබල ඇමතිවරයකු වූ ලාල් කාන්ත කියා සිටියේ ජනාධිපතිවරයාට එම ඉල්ලීම කෙසේවත් ඉටු කළ නොහැකි බවය. වරක් ජනාධිපති සමාව ලැබ එය අවලංගුවූ පසු බිමක මෙය ඉටු කළ නොහැකි බව පොඩි ළමයකුට වුවද තේරුම් යායුතු ය.

කෙසේ වුවත් සංඝාධිකරණයක් පිහිටවුවද එය භික්ෂූන් වහන්සේගේ විනය ආදී කටයුුතු සඳහා පමණක් සීමාවිය යුතුය. ඒ ඒ නිකායවල නායක හිමිවරුන්ට ඇති බලයට නීත්‍යනුකූල වටිනාකමක් ලබාදීමට මිස රටේ සාමාන්‍ය නීතියට අභියෝග කළහැකි පසු බිමක් මේ යටතේ උදාවීමට ඉඩදිය යුතු නැත.

ධර්ම සංඝායනාවක් පවත්වා සඟ සසුන ද පිරිසිදු කළ යුතු අවස්ථාවක මෙවන් ප්‍රශ්න ජාලයක් සමාජගත කිරීම කිසිසේත් අනුමත කළ නොහැක. මෙම තත්ත්වය ජාත්‍යන්තර වශයෙන් කොතරම් අපකීර්තිමත් තත්ත්වයක්ද? ඇයි බුද්ධ ධර්මය මෙතරම් සැහැල්ලුවට ලක් කරන්නෙ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රංශයේ විරෝධතා අතරතුර ප්‍රචණ්ඩ ගැටුම්, කොල්ලකෑම් සහ ගොඩනැගිලි ගිනි තැබීම් – 1200කට අධික පිරිසක් අත්අඩංගුවට!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:පාසල්වල පවතින දුෂ්කරතා සහ ජීවන වියදම ඉහළ...

ජීවන වියදම ඉහළ යාම හේතුවෙන් රටවල් කිහිපයක දැවැන්ත විරෝධතා

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 18: ජීවන වියදම...

ප්‍රශ්න තුනයි, දවස් පහයි! ට්‍රම්ප්ගේ නව මාධ්‍ය ලේකම්වරියගේ හුළං බසී!

සටහන – පුලී ඔක්තෝම්බර් 18, LNW (කොළඹ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ...

නෙටෝගේ ගෝල දෙකෙන් චෙල්සි කණ්ඩායමට ජයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 18, කොළඹ LNW : චෙල්සි කණ්ඩායම එවර්ටන්...