රටපුරා විදුලිය විසන්ධි වීම ගැන පරීක්ෂණ වාර්තාව මාසයකින්!

කොළඹ LNW:දිවයින පුරා ඊයේ (17) දිනයේදී සිදුවූ හදිසි විදුලි බිඳ වැටීම සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් පවත්වන ජාතික පද්ධති ක්‍රියාකරු පුද්ගලික සමාගම පවසයි.

එම සමාගමේ සභාපති ප්‍රදීප් ප්‍රියදර්ශන පැවසුවේ අදාළ පරීක්ෂණය සිදුකර එහි වාර්තාව මාසයක් ඇතුළත මහජන උපයෝගීතා කොමිසමට සහ අමාත්‍යාංශයට යොමු කරන බවයි.

අදාළ වාර්තාව මගින් අනාගතයේදී මෙවැනි සිදුවීම් ඇතිවීම වළක්වා ගැනීම සඳහා අවශ්‍ය පියවර නිර්දේශ කිරීමට බලාපොරොත්තු වෙයි.

විදුලි සම්ප්‍රේෂණ පද්ධතියේ ඇතිවූ අසමතුලිතතාවයක් හේතුවෙන් ඊයේ (17) දහවල් 11.45ට පමණ දිනයින පුරා ප්‍රදේශ රැසක හදිසි විදුලි බිඳ වැටීමක් සිදුවිය.

විදුලි සම්ප්‍රේෂණ පද්ධතිය සාමාන්‍යකරණය කරමින් විදුලි සැපයුම දිවයින පුරා යථා තත්ත්වයට පත් කිරීමට රාත්‍රී 10.00 ආසන්න වී තිබුණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශිරන්ති රාජපක්ෂ ජාතික රෝහලෙන් නවලෝක රෝහලට

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු ජනාධිපති මහින්ද...

බලංගොඩ කස්සප හිමිට කිසිම පහර දීමක් වෙලා නැහැ.චෝදනා අසත්‍යයි – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

කොළඹ LNW:විහාර මහාදේවි උද්‍යානයේදී පය ලිස්සා වැටීම හේතුවෙන් ඊයේ...

අග්බෝට කරදරයක්ද?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 18, කොළඹ LNW : ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ...

සිසුන්ගේ අධ්‍යාපනික බර ලිහිල් කිරීමට සැරසෙන අගමැති හරිනි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 18, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ අධ්‍යාපන...