අලි ඇතුන්ට වෙඩි තැබීමේ සිද්ධීන් පිටුපස සංවිධානාත්මක ජාලයක් පවතීදැයි විමර්ශන.

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 18, කොළඹ LNW :

අලි ඇතුන්ට වෙඩි තැබීමේ සිද්ධීන් සම්බන්ධයෙන් සංවිධානාත්මක කණ්ඩායමක සම්බන්ධයක් පවතින්නේද යන්න පිළිබඳව විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක වේ.

කාවන්තිස්ස ඇතාගේ මරණයත් සමඟ වන අලි ඝාතන පිටුපස කිසියම් සංවිධානාත්මක ජාලයක් ක්‍රියාත්මක වන්නේද යන්න පිළිබඳව සොයා බලන ලෙස පරිසර අමාත්‍යාංශය පොලිසියෙන් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ලිඛිතව ඉල්ලීමක් කර තිබේ.

ඩයනා ඇතුළු අලි ඇතුන්ට වෙඩි තැබීමේ සිද්ධීන් සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බවට තොරතුරු ලැබී ඇතත්, ඔහු සංවිධානාත්මක කණ්ඩායමක සාමාජිකයෙකුද යන්න සහ සිද්ධීන් අතර සම්බන්ධයක් පවතීද යන්න නිල වශයෙන් තහවුරු කර ගත යුතුව තිබේ.

වන අලි ඝාතන සම්බන්ධ සියලු පාර්ශ්වයන් පිළිබඳව විධිමත් හා ස්වාධීන විමර්ශනයක් සිදු කර, ඊට වගකිව යුතු පුද්ගලයන් නීතිය හමුවට ගෙන ඒම අත්‍යවශ්‍ය වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Academy Museum Gala 2026; හොලිවුඩයම තරු එළියෙන් බැබළුණු රාත්‍රියක්!

සටහන – පුලී ඔක්තෝම්බර් 18, LNW (කොළඹ):සිනමාවේ අසිරිය, හොලිවුඩයේ දිදුලන තරු...

 Hyron Andrewsගේ අකල් වියෝව සහ ක්‍රීඩාවේ මානුෂීය බැඳීම…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 18, කොළඹ LNW : ප්‍රංශයේදී සහෝදරත්වයේ ගෞරවාදරය...

ප්‍රංශයේ ශිෂ්‍ය අරගලය සහ එහි පසුපස ඇති සැබෑ තත්ත්වය..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 18, කොළඹ LNW : 2026 ඔක්තෝබර් මාසයේදී...

අධිකරණ තීන්දුවලට අපි යටත් වෙනවා, එතනින් එහා කවුරුවත් අපෙන් තීරණ බලාපොරොත්තු වෙන්න එපා – ජනපති

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් ලබාදී තිබියදී එම තීන්දුව...