බන්ධනාගාර රැඳවියෙකු හොදි කල්දේරමකට වැටී මරුට !

0
627

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු හොදි කල්දේරමකට වැටී ඛේදජනක ලෙස මියගොස් ඇති බව වාර්තා වේ.

ඊයේ (07) පස්වරුවේ අදාළ රැඳවියා උණුසුම් මස් හොදි කල්දේරමකට ඇදවැටී ඇති අතර එයින් දැඩි පිළිස්සුම් තුවාල ලබා ඇති බව සඳහන්.

ප්‍රතිකාර සඳහා ඔහුව තංගල්ල රෝහලට ඇතුළත් කළත් පැය කිහිපයක් තුළ ඔහු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මෙසේ මියගොස් ඇත්තේ දංඕවිට ප්‍රදේශයේ පදිංචි ප්‍රේම් නමැත්තෙකු බවත් ආරංචිමාර්ග සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් අඟුණකොළපැලැස්ස පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

RN