ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ නව පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම විභාගය අද!

කොළඹ LNW:රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබෙන පෙත්සම් අද (20) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට ගැනීමට නියමිතයි.

අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් මේ වන විට පෙත්සම් 22ක් ඉදිරිපත් වී ඇති අතර එම පෙත්සම් අද අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ විභාගයට ගැනෙනු ඇති.

මේ අතර, අද (20) පාර්ලිමේන්තුව අමතමින් කථානායකවරයා සඳහන් කළේ ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කළ පෙත්සම් 23ක පිටපත් තමන් වෙත ලැබී ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හින්ද් රජාබ්ගේ ඛේදවාචකය …

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : ජාත්‍යන්තර නීතිය සහ...

WNBA Finals හි Atlanta Dream ලැබූ පෙරළිකාර ජයග්‍රහණය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : 2026 WNBA අවසන්...

මහ බැංකු අධිපතිගේ විශ්වාසය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : වසර අවසන් වන...

ශ්‍රී ලංකාවට සහ පාකිස්තානයට ක්‍රිකට් දඩ!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : ශ්‍රී ලංකාව සහ...