දැන්වත් මේ අලි ඇතුන් ඝාතන සංස්කෘතියට තිත තැබිය යුතුයි – විපක්ෂ නායක සජිත්

ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ දළ ඇතුන් අතර සුවිශේෂ ස්ථානයක් හිමි කාවන්තිස්ස ඇතා වෙඩි වැදීමෙන් සිදුවූ තුවාල වලට ප්‍රතිකාර ලබමින් සිටියදී 2026 ඔක්තෝබර් 16 දින මිය යෑම සමග එම ඇතාගේ ජීවිතය බේරා ගැනීමට ගත් පියවර ප්‍රතිකාරවල ප්‍රමාණාත්මකභාවය නිලධාරී වගකීම හා විමර්ෂණ සම්බන්ධයෙන් බරපතල විවේචන රැසක් මතුව ඇති බවත් අප රටේ ඇත් පරපුර වදවීගෙන යමින් සිටින බවත් පිරිමි අලි ජනගහනයෙන් 6-10% අතර ප්‍රමාණයක් දළ ඇතුන් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

වලස්ගමේ ඇතා, යාල රජා, මහ පූට්ටුවා, පොඩි පූට්ටුවා, කණ්ඩුල දළ පූට්ටුවා, තිලක්, කොබ්බෑකඩුව, ධාතුසේන, වලගම්බා, රේවත, මහ තනි දළයා ආදී ඇතුන් ද භාතිය, තේක්ක රාජා සේම කාවන්තිස්ස වැනි ඇතුන් රාශියක් අහිමි වූ බවත් අප රටේ ඇත් සම්පතට මේ වන විට එල්ල වී ඇති බලවත් ප්‍රහාර සේම ඇතුන් ඝාතන සංස්කෘතියක් ක්‍රියත්මක බවත් මේ ඇත් ඝාතන රැල්ල නතර කරන්නට කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේදී ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්න කරමිනි.

කාවන්තිස්ස ඇතාට වෙඩි වැදී ඇති බවට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට හෝ පරිසර අමාත්‍යාංශයට ප්‍රථම වරට දැනුම් දුන් දිනය, ප්‍රතිකාර ආරම්භ කළ දිනය සහ ඒ සඳහා වගකීම දැරූ නිලධාරීන් පශු වෛද්‍යවරුන් සම්බන්ධ විස්තර ඉදිරිපත් කරන ලෙසත් කාවන්තිස්ස ඇතා රටේ සුවිශේෂී ඇතෙක් බවට බහුතරය පිළිගන්නා නිසා ඒ පිළිගැනීම රජය ද සිදු කරන්නේද කියා දැන ගැනීමට කැමැති බවත් රජය කාවන්තිස්ස ඇතා සුවිශේෂ ඇතෙක් ලෙස පිළිගන්නේ නම් වෙඩි වැදී තුවාල වු අවස්ථාවේ විශේෂ සැලකිල්ලක් දැක්වීම සිදු නොකළේ ඇයි ද කියා ප්‍රශ්න කරන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

භාතිය සහ තේක්ක රාජා ඇතුන්ගෙ මරණවලින් පාඩම් ඉගෙන ගත්තේ නැත්තේ ඇයි?

මෑත කාලයේ ආන්දෝලයට ලක් වූ භාතිය තේක්ක රාජා වැනි ඇතුන්ගේ මිය යෑම සමඟ අනතුරුට ලක්වන හස්ථීන්ට ප්‍රතිකාර ලබා දෙන වෙනසක් කළේ නම් පැරණි හා නව ක්‍රමවේදවල ඇති වෙනස ඉදිරිපත් කරන ලෙසත් වනජිවී දෙපාර්තමේන්තුව අමාත්‍යාංශය විසින් මේවා සුවිශේෂ තත්ත්වයක් ලෙස සලකා ගත් පියවර ඉදිරිපත් කරන ලෙසත් මේ ඇතුන්ගේ අහිමි වීමෙන් ඉගෙන ගත් පාඩම් ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.

කාවන්තිස්ස ඇතාට සිදු කළ සියලු ප්‍රතිකාර ගැන තොරතුරු ලබා දෙන්න

කාවන්තිස්ස ඇතාට ප්‍රතිකාර ආරම්භ කළ දිනයේ සිට සිදු කළ වෛද්‍ය පරීක්ෂණ, ලබා දුන් ඖෂධ හා මාත්‍ර රුධිර පරීක්ෂණ වෙනත් පරීක්ෂණ ප්‍රතිකාරවල වෙනස්කම් ආදී සියල්ල ඉදිරිපත් කරන ලෙසත් සත්‍ය අවබෝධ කර ගත්ත මේ සියලු තොරතුරු ඉදිරිපත් කරන ලෙසත් සිදු වූ සියලු ක්‍රියාදාම ගැන විනිවිදභාවයෙන් යුක්ත කරුණ දත්ත මත පදනම්ව මේවා ඉදිරිපත් කරන ලෙසත් මේ ඇතුන් ඝාතනය කරන ඝාතන සංස්කෘතියේ කාවන්තිස්ස ඇතාගේ තත්ත්වය බරපතල වූ අවස්ථාවේ ගනු ලැබූ වෛද්‍ය තීරණ හා ප්‍රතිකාර සම්බන්ධ වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.

කාවන්තිස්ස ඇතාට ප්‍රතිකාර කරන්න උදව් කළ පාර්ශ්ව කවුද?

කාවන්තිස්ස ඇතාගේ ජීවිතය බේරා ගැනීමට අතිරේක පශු වෛද්‍ය සහාය, යුද හමුදා සහාය අතිරේක ගලවා ගැනීමේ සහාය අවශ්‍ය බව තීරණය කළේ නම් ඒවා ඉල්ලා සිටි ආයතන හා ඒ සඳහා අනුමැතිය ලබා ගත් දින ඉදිරිපත් කරන ලෙසත් වන ජීවී හ පශු වෛද්‍යවරුන්ගේ හිග ඇති නිසා අලුතින් බඳවා ගන්න ගෙන ඇති පියවර ඉදිරිපත් කරන ලෙසත් පානම ප්‍රදේශයේ කණ්ඩුල දළ පූට්ටුවා වෙඩි වැදී වැටී ඇති මොහොතක මීට දශක කිහිපයකට පෙර ඇඹිලිපිටිය යුද හමුදාවේ ඉංජිනේරු අංශයේ උපාංග යවා ඇතා බේරා ගත් බවත් එවැනි උත්සාහයක් මේ කාවන්තිස්සට ගත්තා ද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ඇතාගේ ප්‍රතිකාර සම්බන්ධයෙන් වගකිවයුත්තේ කවුද?

හස්ථියාගේ ප්‍රතිකාර සඳහා අවශ්‍ය වෛද්‍ය උපකරණ රසායනාගාර පහසුකම් ඖෂධ හෝ මානව සම්පත්වල හිගයක් තිබුණේ නම් එහි බලපෑම ඉදිරිපත් කරන ලෙසත් කාවන්තිස්ස ඇතා ප්‍රතිකාර ලබමින් සිටි කාලයේ වගකිවයුතු නිලධාරීන් සිදුවීම සම්බන්ධයෙන් සෘජු අධීක්ෂණයක් හෝ ස්ථානීය නිරීක්ෂණයක් සිදු කළේ නම් ගත් පියවර ඉදිරිපත් කරන ලෙසත් වනජීවී අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු ඉහළ නිලධාරීන් ගියා ද නැද්ද කියා ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේක ඝාතනයක් කියා රජය පිළිගන්නවාද?

කාවන්තිස්ස ඇතාගේ මරණය ඝාතනයක් ද කියා රජය පිළිගන්නේ ද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් කාවන්තිස්ස වෙඩි තැබීම සම්බන්ධයෙන් සිදු කළ විමර්ෂණයේ වත්මන් ප්‍රගතිය ඉදිරිපත් කරන ලෙසත් මීට පෙරත් තර්ජන වෙඩි ප්‍රහාර එල්ල වූ බවත් ඒවා සිදු වූ පසු පරිසරවේදීන් මේවා මාස ගණනාවකට පෙර ඉදිරිපත් කළ බවත් ඒ අනුව රජය ගත් ආරක්ෂක පියවර ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.

චතුර ගුණරත්න සහ ඕලූගල මහතාගේ මැදිහත්වීමෙන් ඇතුන් සුරැකීමේ කාර්ය සාධන බලකායක් බිහිකරන්න

වනජීවී දෙපාර්තමේන්තුවේ චතුර ගුණරත්න වන සත්ව අඩවි ආරක්ෂක නිලධාරීතුමා ප්‍රමුඛ ඕලුගල මහතාගේ වැටලීම් අංශය විසින් මේ සම්බන්ධ අත්අඩංගුවට ගැනීමක් කිරීම ගැන ස්තුතිවන්ත වන බවත් ගිය සතියේ චතුර ගුණරත්න කියන මේ මහතාගේ රැකියාව අහිමි කරන්න පවා මේ දෙපාර්තමේන්තුව කටයුතු කරන බවත් ඔහුට එවැනි දේවල් නොකරන ලෙස ඉල්ලා සිටින බවත් චතුර ගුණරත්න සහ ඕලුගල මහතාගේ සහාය ගෙන ඇතුන් සුරක්ෂා කරන විධිමත් කාර්ය සාධක බලකායක් ස්ථාපිත කරන ලෙසත් ඒ සඳහා මොවුන්ගේ විශේෂඥ දැනුම උපයෝගී කර ගන්නා ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.

කාවන්තිස්ස ඇතාගේ මරණය ගැන විදේශීය විශේෂඥ කණ්ඩායම් යොදවා පරීක්ෂණයක් කරන්න

ඇතාගේ මරණයට නිශ්චිත හේතුව තහවුරු කිරීමට පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කළේ නම් එහි නිගමන ඇතුළත් වාර්තා සභාගත කරන ලෙසත් ඇතාගේ දේහය ගැන අවසන් කටයුතු කිරීමට අධිකරණ නියෝගයක් ගෙන ඇත්නම් එය ද සභාගත කරන ලෙසත් දේහය සම්බන්ධ ගනු ලැබූ අවසන් ක්‍රියාමාර්ග ඉදිරිපත් කරන ලෙසත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරුන් මේ මරණ පරීක්ෂණ සිදු කළා සේම විදේශීය විශේෂඥ කණ්ඩායමක් ගෙනවිත් පරීක්ෂණ කටයුතු කරන ලෙසත් විපක්ෂ නායකවරයා මෙහි දී යෝජනා කළේය.

කාවන්තිස්ස ඇතාගේ මරණය ගැන සොයන්න රජය පත් කළ විශේෂඥ කමිටුවට සිවිල් සමාජ ක්‍රියාකාරීන් ද එක් කරන්න

මෙවැනි ඛේදවාචක නැවත වරක් සිදු නොවෙන්න කටයුතු කළ යුතු බවත් ඇතාගේ ප්‍රතිකාර ගැන ස්වාධීන විශේෂඥ විමර්ෂණයක් කරන්නේද කියා කටයුතු කරන ලෙසත් රජය මේ ගැන කමිටුවක් පත් කර ඇති නිසා මේ කමිටුවට සිවිල් පරිසර සංවිධානවලට ද නියෝජනත්වයක් ලබා දෙන ලෙසත් එමගින් විනිවිදභාවයක් ඇති වන බවත් මේ සංවිධානවල කොටසකට හෝ මේ පරීක්ෂණය විවෘත කරන ලෙස ඉල්ලා සිටින බවත් වැඩිදුරටත් අදහස් පළ කරමින් විපක්ෂ නායකවරයා පැවසීය.

මෙවැනි සුවිශේෂ තත්ත්වලට මුහුණ දෙන්න උපකරණ ගන්න අපිත් උදව් දෙන්නම්
මෙවැනි සුවිශේෂ තත්ත්ව ආරක්ෂා කිරීමට නවීන රෝග විනිශ්‍චය උපකරණ ජංගම රසායනාගාර පහසුකම් හදිසි ප්‍රතිකාර ඒකකවල අවශ්‍යතා ඇති නිසා ඒවා ඇති කරන ලෙසත් විදේශ ආධාර සේම විපක්ෂයේ ද උදව් ගෙන මේවා ස්ථාපිත කළ යුතු බවත් කඩිනම් ප්‍රතිචාර දක්වන ඒකකයක් ස්ථාපිත කරන ලෙසත් කාවන්තිස්ස ඇතාගේ සිදුවීමේ අඩුපාඩුකම් සිදුවූ නිසා ඒවට පිළියම් දැන්වත් යෙදිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සත්ත්ව රෝහලක් හදන්නේ නම් අපිත් සහයෝගය දෙනවා

සංචාරක ආරක්ෂණයක් හිමිව ඇති වන සතුන්ගේ ජීවිත සුරක්ෂිත කරන්න සත්ව රෝහලක් හැදිය යුතු බවත් ඒ සඳහා රජය පියවර ගන්නේ නම් විපක්ෂයේ සහයෝගය ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සරණ ගුණවර්ධනගේ බිරිඳ ඔක්තෝබර් 30 දක්වා තවදුරටත් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : අල්ලස් කොමිෂන් සභාව...

විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ කාලයදීර්ඝ කරයි!

කොළඹ LNW:විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ කාලය 2026 දෙසැම්බර්...

ඇතුල්කෝට්ටේ පිහිටි නිපෝන් මාවත ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවට පැවරේ!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20 , කොළඹ LNW : ශ්‍රී ජයවර්ධනපුර...

පූජාපිටිය ජල පිරිපහදු මධ්‍යස්ථානයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක්

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : ජාතික ජල සම්පාදන...