නව ත්‍රස්ත පනත් කෙටුම්පත සහ කැබිනට් පැහැදිලි කිරීම

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW :

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති නව ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සමාජයේ පැතිර යන වැරදි මත පිළිබඳව කැබිනට් මාධ්‍ය හමුවේ දී අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් විශේෂ පැහැදිලි කිරීමක් සිදු කළේය.

පච්ච කෙටීම හෝ කොණ්ඩය වවා තිබීම වැනි හේතු මත පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට මෙම පනතින් ඉඩ සැලසෙන බවට ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා ඇතුළු පාර්ශ්වයන් නගන චෝදනා අමාත්‍යවරයා දැඩි ලෙස ප්‍රතික්ෂේප කළේය.

වෘත්තීයවේදීන්ගේ දායකත්වයෙන් සකස් කර ඇති මෙම පනත මගින් එවැනි අසාධාරණ නීති කිසිවක් ඇතුළත් කර නොමැති බව ඔහු අවධාරණය කළේය.

පනතේ යම් ගැටලුකාරී තත්ත්වයක් පවතී නම්, ඒ සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගොස් එය අභියෝගයට ලක් කිරීමට ඕනෑම අයෙකුට අවස්ථාව ඇති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

පැරණි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කර, මානව හිමිකම් ආරක්ෂා වන අයුරින් රාජ්‍ය ආරක්ෂාව තහවුරු කිරීමේ නිවැරදි නීතිමය රාමුවක් සකස් කිරීම මෙම නව පනත් කෙටුම්පතේ මූලික අරමුණ බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා,

“සාලිය පීරිස් මැතිතුමාම තේරුම් ගන්න ඕනේ එක්කෝ එතුමත් එක්ක ක්ෂේත්‍රයේ වැඩ කරන අය, එතුමා උගන්වපු අය ඇතුළත්ව තමයි මේ පනත් කෙටුම්පත සකස් කරන්නේ. ඒක නිසා ඔය පච්චයක් කොටපු කෙනෙක්, කොණ්ඩයක් වවපු කෙනෙක් ඇතුළට ගනී කියන එක වගේ දෙයක් ඔය පනතට දාන්නේ නෑ කියන එක එතුමා තේරුම් ගන්න ඕනේ. අනිත් එක එහෙම තිබෙනවානම් ඕනම කෙනෙකුට පුළුවන් ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා මේක අභියෝගයට ලක් කරන්න. ඒක තමයි හොඳම දේ. ඒ නිසා ඔය ගැන මාධ්‍යයේ කියනවාට වඩා ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහින් අභියෝගයට ලක් කරන්න එතකොට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි එවැනි වගන්තිවලට මොකද කරන්න ඕනේ කියන එක. පනත සම්පූර්ණයෙන්ම සමස්තයක් හැටියට ගන්න එහෙම නැත්නම් ඔයවගේ කරුණක් දෙකක් අරගෙන එහෙම කරන්න අයිතියක් නෑ. මොකද අපි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරපු ආණ්ඩුයක් අපි. PTA එක අහෝසි කරලා රාජ්‍ය ත්‍රස්තවාදයෙන් වැළැක්වීමේ පනත් කෙටුම්පත ගේන්නෙම මානව හිමිකම් ද ආරක්ෂා කරමින් රාජ්‍ය ත්‍රස්දවාදයෙන් ආරක්ෂා කිරීමේ නීතිමය රාමුව හදන්න. “

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇඟ බේරගන්න එක එක්කෙනාට රජය බෝලේ පාස් කරන්නේ කොහොමද කියලත් අපි දන්නවා – නාමල්

සංවිධානාත්මක අපරාධකරුවන්ගේ ලාංඡන පච්චයක් ගහන් ඉන්නවා නම් අල්ලන්න පනතක්...

කාවන්තිස්ස හස්තියාගේ මරණය සම්බන්ධ විමර්ශන ගැන ඇමති නලින්ද කරුණු පහදයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: කාවන්තිස්ස හස්තියාගේ මරණය සම්බන්ධව මේ වන...

සරණ ගුණවර්ධනගේ බිරිඳ ඔක්තෝබර් 30 දක්වා තවදුරටත් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : අල්ලස් කොමිෂන් සභාව...

විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ කාලයදීර්ඝ කරයි!

කොළඹ LNW:විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ කාලය 2026 දෙසැම්බර්...