හූනියම් කරලා ජනපති අනුරව ඝාතනය කිරීමට සැලසුම් කරන භික්ෂූන්ට එරෙහිව පියවර ගන්න – මාලිමාවේ ගීතිකා ආරක්ෂක අංශවලින් ඉල්ලයි

විහාරමහාදේවී උද්‍යානයට රැස්ව සිටින භික්ෂූන් ඇතුළු පිරිසක් යාතුකර්ම, බලි තොවිල් හරහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ හිස සත් කඩකට පළා ඔහුව ඝාතනය කිරීමේ තැත්කරමින් සිටින බැවින් ඔවුන්ට එරෙහිව වහාම පියවර ගන්නැයි ආරක්ෂ අංශවලින් ඉල්ලා සිටින බව ජාතික ජන බලවේගයේ ආණ්ඩුවට සහාය දෙන සංවිධානයක් වන “ජන බලය” සාමුහිකයේ නායිකාවක් වන ආචාර්ය ගීතිකා ධර්මසිංහ පවසයි.

“ජනාධිපති අනුර කුමාර දිසානායකව මැටියෙන් හදලා ඒකට යාතු කර්මයක් කරනවා මේ මහසෝන් යකා ගෙන්වලා ඔහුගේ ඔළුව සත් කඩකට පැළිලා ඔහුව ඝාතනය කළ යුතුයි, ඔහුව මරාදැමිය යුතුයි කියලා යෝජනා කරමින් තියෙනවා. ඒගොල්ලන්ගෙ චේතනාව තමයි අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ඝාතනය කිරීම. ඔතන ඉන්න කස්සප වැනි භික්ෂූන්ට බුදු දහම පිළිබඳව, ධර්මය පිළිබඳව කිසිදු අදහසක් තියෙන බවක් පේන්න නෑ ඔවුන්ගේ ක්‍රියාකලාපය අනුව. ඒ නිසා මූලිකව අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ඝාතනය කිරීමට තැත්කිරීම, ඒක චේතනාන්විතව සැලසුම්ගත කිරීම සම්බන්ධයෙන් මම හිතන්නෙ අපේ ආරක්ෂක අංශ සැලකිලිමත් විය යුතුයි, ඔවුන් මේ කරමින් ඉන්න යාතු කර්ම නැත්නම් ඒ නාඩගම් බලි තොවිල් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් ලක් කළ යුතුයි කියලා ජනතාව හැටියට ඕනෙ කෙනෙක් පිළිගන්නවා සහ ඒක අවශ්‍යයි කියලා පිළිගන්නවා ඒ අවධානය දීම. මොනවද මොවුන් මේ කරමින් තියෙන්නේ ? මොකද නීතියේ හරිම වැදගත් කාරණයක් තමයි අපරාධයකට චේතනාවක් තිබුණාද යන්න සොයාබැලීම. මං හිතන්නේ ඔය විහාරමහාදේවී එකට එකතුවෙලා ඉන්න ඔය සම්න්තභද්‍ර, කස්සප වැනි භික්ෂූන්ට එවැනි චේතනාවක් තියෙනවා. ජනාධිපතිවරයව ඝාතනය කිරීමේ සැලසුමක් ඔවුන් කරමින් සිටිනවා. මේක ජනතාවගේ ආණ්ඩුවක්. මේ ආණ්ඩුවේ නායකත්වය ඝාතනය කිරීමට චේතනාන්විතව කටයුතු කරනවා නම්, සැලසුම් කරනවා නම් එවැනි අයට එරෙහිව ආරක්ෂක අංශ පියවර ගත යුතුයි. ඒ නිසා අපි කියනවා ජනතාව විදියට අපි මේ ආණ්ඩුව රැකගන්න ඕනෙ. මේක අපේ ආණ්ඩුවක්. අපි ඉල්ලා සිටිනවා මේ භික්ෂූන්, මේ විපක්ෂය විසින් සිවුරට මුවාවෙලා මේ කරමින් ඉන්න දේශපාලනය සම්බන්ධයෙන් අවධානය යොමුකළ යුතුයි කියලා”

ආචාර්ය ගීතිකා ධර්මසිංහ මේ බව පැවසුවේ ජන බලය සංවිධානය විසින් ඊයේ (21) කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අදවන් දිනෙක ‘ තෝමස් එඩිසන්ගේ ආලෝකයේ සිහිනය’

සටහන: සශිකලා මධුෂාණී ඉතිහාසයේ අදවන් දිනෙක එනම් 1879 ඔක්තෝබර් 22...

සයිබර් ආරක්ෂණ අවදානමක් හේතුවෙන් ලොව පුරා වෙබ් අඩවි රැසක් තාවකාලිකව අක්‍රිය කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : අන්තර්ජාලයේ...

අඩු පීඩන කලාපය හේතුවෙන් ප්‍රදේශ රැසකට තද වැසි – කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය...

ප්‍රංශයේ නොසන්සුන්තාව සම්බන්ධයෙන් ට්‍රම්ප් ඇතුළු විදේශීය නායකයන්ගේ ප්‍රකාශ මැක්‍රොන්ගේ දැඩි විවේචනයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : ජීවන...