සටහන – රුවන් නෙළුගොල්ල
48 CC හෝ 50 CCට අඩු එංජින් ධාරිතාවයෙන් යුත් යතුරුපැදි ද ලියාපදිංචි කිරීම අනිවාර්යය බව මෝටර් රථ ප්රවාහන කොමසාරිස් ජනරාල්, විශ්රාමික එයාර් මාෂල් තුෂාර ප්රනාන්දු මහතා පවසයි.
මෙවැනි යතුරුපැදි ලියාපදිංචි කිරීම අවශ්ය නොවන බවට ඇතැම් අලෙවිකරුවන් ප්රකාශ කරන බවට නිරීක්ෂණය වී ඇති බව පැවසූ ඒ මහතා එබැවින් මෙම කාණ්ඩයේ යතුරුපැදි මිලදී ගැනීමේදී නිසි රේගු ලියකියවිලි තිබේදැයි තහවුරු කරගැනීමට පාරිභෝගිකයන් කටයුතු කළ යුතු බවත් සඳහන් කළේය.
එමෙන්ම ලියාපදිංචි නොකළ යතුරුපැදි පොදු මාර්ගවල ධාවනය කරමින් සිටියදී හසුවුවහොත් පොලිසිය විසින් නීතිමය පියවර ගෙන දඩ නියම කිරීමට ඉඩ ඇති බව ද මෝටර් රථ ප්රවාහන කොමසාරිස් ජනරාල්වරයා අවධාරණය කළේය.
මෝටර් රථ ප්රවාහන කොමසාරිස් ජනරාල්වරයා මේ බව පැවසුවේ පසුගියදා (22) පැවති මාධ්ය හමුවක් අමතමිනි.


