ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී

ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි ප්‍රදේශයක සිදු වූ වෙඩි තැබීමක් ත්‍රස්ත ප්‍රහාරයක් විය හැකි බවට සැක පළ කරමින් ප්‍රංශ බලධාරීහු විමර්ශන ආරම්භ කරති.

ප්‍රංශයේ පැරිස් අගනුවරට බටහිරින් පිහිටි ට්‍රැප් (Trappes) නගරයේ සිකුරාදා (23) සිදු වූ වෙඩි තැබීමකින් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් සිව් දෙනෙකු තුවාල ලබා තිබේ.

පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ, මෝටර් රථයක සිටි පුද්ගලයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි.

ට්‍රැප්ස් නගරයේ සහ ඒ ආසන්නයේ පිහිටි ලා වෙරියෙර් (La Verrière) ප්‍රදේශයේ පෙරවරු 10.30ට පමණ මෙම සිදුවීම වාර්තා වී ඇත. අනතුරුව සැකකරු අසල පිහිටි කොආනියෙර් (Coignières) නගරයේදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රාදේශීය අභිචෝදකයන් සඳහන් කර ඇත්තේ, මෙය ත්‍රස්ත ප්‍රහාරයක් විය හැකි බවට සැක කරමින් විමර්ශන සිදු කරන බවයි.

සිද්ධිය වූ ස්ථානයේ හදිසි සහන සේවා කණ්ඩායම් තවදුරටත් කටයුතු කරමින් සිටින බැවින් මියගිය සහ තුවාල ලැබූ පුද්ගලයන්ගේ සංඛ්‍යාව වෙනස් විය හැකි බව ද වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...

“රාජ්‍ය සේවය අත්‍යවශ්‍යයි. නමුත් එම සේවාවන් සැපයීම සඳහා වැය වන මුදල අධිකයි” – ජනපති අනුර

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 23, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ රාජ්‍ය...