තලල්ල වෙරළ තීරයෙන් මත්ද්‍රව්‍ය යැයි සැක කෙරෙන මලු 21ක් නාවික හමුදාව විසින් සොයා ගැනේ.

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW :

මාතර, තලල්ල වෙරළ තීරයෙන් සොයාගත් මත්ද්‍රව්‍ය යැයි සැක කෙරෙන තොගයක් පිළිබඳව පරීක්ෂා කිරීම් ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.

මත්ද්‍රව්‍ය අඩංගු යැයි සැක කෙරෙන මලු 10ක් සහ ගමන් මලු 11ක් අද (24) උදෑසන මාතර, තලල්ලේ නාඔරුන්න වෙරළ තීරයෙන් සොයාගෙන ඇත.

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව සිදුකළ මෙහෙයුමකදී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇති අතර, මත්ද්‍රව්‍ය තොගයක් බෝට්ටුවකින් ප්‍රවාහනය කෙරෙන බවට වෙරළාරක්ෂක නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇත.

සැකකරුවන් එම මලු වෙරළේ දමා පලා ගොස් ඇති බව නාවික හමුදාව සඳහන් කරයි. සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් පවතී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ධීවර ක්ෂේත්‍රය මුහුණ දෙන ප්‍රධාන ගැටලුවකට JICA වෙතින් නව විසඳුම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ධීවර...

Elephant Transit Home : අලි වෙනුවෙන් අලුත් වැඩක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : පොළොන්නරුවේ කලහගල ප්‍රදේශයේ...

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...

උතුරු කොරියාව, රුසියාව හා චීනය සම්බන්ධ කරන නව පාලමක් ගොඩ නගයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : රුසියාව...