ධීවර ක්ෂේත්‍රය මුහුණ දෙන ප්‍රධාන ගැටලුවකට JICA වෙතින් නව විසඳුම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW :

ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තය තුළ අස්වනු නෙලීමෙන් පසු සිදුවන හානි (post-harvest losses) අවම කිරීම අරමුණු කරගත් නව ව්‍යාපෘතියක්, ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය (JICA) සමඟ එක්ව සැලසුම් කෙරෙමින් පවතී.

JICA ආයතනය සමඟ විශේෂ සහයෝගිතා ගිවිසුමකට එළඹීම සඳහා කටයුතු සූදානම් වෙමින් පවතින බව ධීවර අමාත්‍යාංශය පවසයි.

ධීවර ක්ෂේත්‍රය මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් වන ‘අස්වනු නෙලීමෙන් පසු සිදුවන හානි’ සම්බන්ධයෙන් පවතින ප්‍රධාන අවශ්‍යතා සහ අභියෝග හඳුනා ගැනීම සඳහා, මූලික පියවරක් ලෙස දැනටමත් තක්සේරුවක් සිදු කර අවසන් කර ඇත.

එම තක්සේරුවේ සොයාගැනීම් මත පදනම්ව, වෙරළබඩ සහ ගැඹුරු මුහුදු ධීවර කටයුතු යන අංශ දෙකෙහිම සිදුවන අස්වනු හානි අවම කිරීම අරමුණු කරගත් ව්‍යාපෘති යෝජනා සකස් කිරීමට JICA සැලසුම් කරමින් සිටී.

මේ සඳහා අවශ්‍ය දත්ත රැස් කිරීමේ ශක්‍යතා අධ්‍යයනයක්, මෙම වසරේ නොවැම්බර් මාසයේ සිට පෙබරවාරි 28 වැනිදා දක්වා සිදු කිරීමට නියමිතය.

මෙම අධ්‍යයනය දිවයින වටා පිහිටි වෙරළබඩ සහ ගැඹුරු මුහුදු ධීවර කලාප නියෝජනය කරන තෝරාගත් ස්ථාන කේන්ද්‍ර කරගනිමින් සිදු කෙරෙනු ඇත.

වෙරළබඩ සහ ගැඹුරු මුහුදු ධීවර කටයුතු අතරතුර කොපමණ මත්ස්‍ය ප්‍රමාණයක් අපතේ යන්නේද යන්නත්, එම හානි සිදුවීමට බලපාන සාධක මොනවාද යන්නත් මෙම මූලික අධ්‍යයනය මගින් හඳුනා ගැනීමට අපේක්ෂා කෙරේ.

රැස් කරගන්නා දත්ත, අවසන් වාර්තාව සහ එහි නිර්දේශ මත පදනම්ව, අස්වනු නෙලීමෙන් පසු සිදුවන හානි අවම කිරීම මගින් ලබා ගන්නා මත්ස්‍ය අස්වැන්නෙන් වැඩි වටිනාකමක් නිර්මාණය කිරීමේ අරමුණින්, ප්‍රධාන ව්‍යාපෘතිය විධිමත් ලෙස දියත් කිරීමට බලධාරීන් සැලසුම් කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Elephant Transit Home : අලි වෙනුවෙන් අලුත් වැඩක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : පොළොන්නරුවේ කලහගල ප්‍රදේශයේ...

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...

උතුරු කොරියාව, රුසියාව හා චීනය සම්බන්ධ කරන නව පාලමක් ගොඩ නගයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : රුසියාව...