ඥානසාර හිමි නිදහස් කර ගැනීමට මහානායක හිමිවරු ඉල්ලා නෑ – ඇමති නලින්ද කැබිනට් මාධ්‍ය හමුවේදී කියයි!

කොළඹ LNW:මේ වන විට සිරදඬුවමට ලක්ව සිටින පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමි නිදහස් කර ගැනීම සඳහා මහානායක හිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලීමක් කර නැති බව කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේය.

ඒ,අද (27) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.

මහානායක හිමිවරුන් විසින් ඉල්ලීම් යොමු කළද රජය සෑම විටම කටයුතු කරනුයේ රටේ පවතින නීතිය අනුව වන අතර නීතියට ඉහළින් සිටිමින් කිසිදු වෙනසක් කිරීමට රජය අදහස් නොකරන බව සඳහන් කළේය.

කෙසේ නමුත් ඥානසාර හිමියන් සම්බන්ධව ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් විසින් මින් පෙර බන්ධනාගාර කොමසාරිස්වරයාට යොමු කරන ලද ලිපිය අනුව බන්ධනාගාර නිත්‍ය නියෝග වෙනස් කළ බවත් එම නිත්‍ය නියෝග මත ඉදිරියේදී කටයුතු කරන බවත් හෙතෙම කියාසිටියේය.

“අති ගෞරවණීය ත්‍රෛනිකායික මහා නායක ස්වාමීන්වහන්සේලා සිව්නම විසින් බන්ධනාගාර කොමසාරිස්තුමාට යවන ලද ලිපිය පදනම් කරගෙන අපි ඊට පහුවෙනිදාම මහානායක ස්වාමීන්වහන්සේලාගේ නියෝජිතයින් සමග විශේෂයෙන් අපේ අනුනායක ස්වාමින්වහන්සේලාත් ඇතුළු ලේඛකාධිකාරී ස්වාමීන්වහන්සේලාත් එක්ක සාකච්ඡා කළා. ඒ සාකච්ඡාවේ ප්‍රථිපලයක් හැටියට තමයි බන්ධනාගාර නිත්‍ය නියෝග සඳහා එකඟතාවයක ආවේ. ඒ අනුව ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්වහන්සේලාගේ ඉල්ලීම අනුව ඒ සාකච්ඡා පැවැත්වෙලා ඒ සාකච්ඡාවල ප්‍රථිපලයක් හැටියට නිත්‍ය නියෝග වෙනස් කළා. ඒ අනුව දැන් ඒ වෙනස් කරන ලද නිත්‍ය නියෝග අනුව තමයි ඉදිරියේදී කටයුතු සිදුවෙන්නේ. මෙතෙක් අපි උන්වහන්සේලා කියන ලද කරුණු අනුව කටයුතු කරලා තියෙනවා.

එකක් අපිට කියන්න පුළුවන් අපි කටයුතු කරන්නේ පවතින නීතිය අනුව සහ නීතියට සියලු දෙනා යටත් කියන තැන ඉඳගෙන. ඒ නිසා අධිකරණය විසින් ලබා දුන් තීන්දුවක් අධිකරණයට ඉහළින් සිටිමින් වෙනස් කිරීමට රජයේ අදහසක් නෑ.” යනුවෙන් අමාත්‍යවරයා පැහැදිලි කරන ලදී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රිතාන්‍ය පොලීසියේ ක්‍රියාකලාපය ගැන චීනයේ දැඩි විරෝධය!

කොළඹ LNW:බ්‍රිතාන්‍යයේ දේශසීමා බලාත්මක කිරීමේ නිලධාරීන් චීන පුරවැසියන් දිගු...

නාමල්ට එරෙහි නඩුව ඇරඹේ.හෙට ස්ථිර මහාධිකරණය හමුවට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:එයාර්බස් සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත්කර සිටින...

එක්සත් ජනපද මධ්‍යකාලීන මැතිවරණය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : 2026 එක්සත් ජනපද...

නාමල්ට එරෙහිව අධිචෝදනා!

කොළඹ LNW:එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ...