රගර් රස ලෝලී ඇමෙරිකාවේ ජුලී

Date:

ක්‍රීඩාව දියුණු රටවල දක්ෂතාවලින් දියුණු ක්‍රීඩකයෝ මෙන්ම රසිකත්වයෙන් දියුණු ප්‍රේක්ෂකයෝ ද වෙති.ඒ සංස්කෘතික පරිසරය ක්‍රීඩාවට හිමි රටවල ක්‍රීඩාවට ලැබෙන ජයග්‍රහණද විශාලය.ඇමෙරිකාව එවන් රටකි.

ඊයේ (8) දා කොළඹ තුරග තරග පිටියේ දී ඇරඹි ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි තරගාවලිය නැරඹීමට හදිසියේ කඩා වැදුණේ එවැනි දියුණු රසිකත්වයක් ඇති ප්‍රභූ කාන්තාවකි.සංවිධායකයන්ට කතා කොට පරිවාර ආරක්ෂක සෙනඟ පුරවාගෙන ප්‍රේක්ෂකයන්ට කිසිඳු හැනියක් නොකර ඒ දියුණු රසිකාවිය අනාරාධිතවම එහි ආවේ,රගර් සම්බන්ධයෙන් වන ඇයගේ රසලෝලීත්වය නිසාය.ඇය ඇමෙරිකානු තානාපතිණිය ජුලී ජේ චන්ග් ය.

අපි පවුලම රගර්වලට ආසයි.

ශ්‍රී ලංකා රගර් මේ විශේෂ දියුණු රසිකාවිය වෙනුවෙන් වෙහෙසෙද්දි තමන්ගේ සාමාන්‍ය රගර් රසිකත්වය ගැන ඇය වින්දනයෙන් තෙපළා ය.ශ්‍රී ලංකා රගර් සභාපතිවරයා ද එහි නරඹන්නෙක් සේ රැදි සිටිය අතර ඔහු හා වූ කතාවේදී ඇමෙරිකානු තානාපතිණිය ඉල්ලා සිටියේ ශ්‍රී ලංකා රගර් කැලන්ඩරයට අනුව හැකි සෑම අවස්ථාවකම තරග නරඹන්නියක්ව සහභාගි වන්නට ඇය කැමති බවය.ශ්‍රී ලංකා රගර් වෙනුවෙන් සභාපති රිස්ලි ඉල්ලියාස් පවසා සිටියේ අනිවාර්යෙන්ම තරග කාල සටහන මෙන්ම තරග පැවත්වෙන විශේෂ අවස්ථාවලදීද තානාපතිණියව දැනුවත් කරන්නට කටයුතු කරන බවය.

මං විතරක් නෙමෙයි අපේ පවුලම රග්බි ගැන උනන්දුයි.

සමහර විට මේ රසිකත්වය හෙට දවසේ ඇමෙරිකාවේ අනුග්‍රහයක් ශ්‍රී ලංකාවේ රගර්වලට කැඳවා ඒමක් වන්නට ද ඉඩ ඇත.මන්ද මේ වන විට් රටවල් ගණනාවක විවිධ අනුග්‍රහයන් ශ්‍රී ලංකා රගර් වෙත ගෙන ඒමට වර්තමාන රගර් පරිපාලනය හැකි වී තිබෙන නිසා,ඉදිරියේදී ඒ ගොන්නට ඇමෙරිකාවද එකතු වුවහොත් පුදුම විය යුතු නැත.

ජුලී, ඉතා සැහැල්ලුවෙන් සිය ක්‍රීඩා ලෝලීත්වයට ප්‍රභුත්වයෙන් වැසී යන්නය ඉට නොදී රගර් වින්දාය.සභාපතිවරයා සමඟ මෙන්ම ක්‍රීඩිකාවන් සමඟ ද ඡායාරූප ගැනීමට උනන්දු වූයේ ඇයය.ඒ පෞද්ගලික රසිකත්වයේ පුළුල් පරාසය ය.එය රසිකත්වය ඉක්මවා ගිය මහා විශාල නිහතමානීත්වයක් බව අපට දැනෙන්නේ බොහෝ නිලධාරීන් සහ දේශපාලනඥයන් අපේ හිත්තුළ ඇති කරන බර නිසාය.ඒත් ජුලි ඒ සියල්ලට ආදර්ශයක් දෙමින් අපූරු රගර් ආස්වාදයක් ලබා සැහැල්ලුවෙන් නික්ම ගියේ තව දුරටත් සිය ව්වේකය ලාංකේය රග්බි පිටියට කැඳවා ගෙන බවට පොරොන්දුවක්ද දෙමින්ය.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හොරු බෝ කරන ඉතාලි පාළු ගෙවල් ….

මේ ගැන කාලාන්තරයක් තිස්සෙ ලියන්න හිතා හිටියත් ලිව්වෙ නෑ....

ලියන්නෙකුට සමාජය වෛර කරන්නේ ඇයි ?

ගත් කරුවෙක් වෛරයට ලක්වනුයේ ඇයි.?ලියන්නෙකුට සමාජය වෛර කරන්නේ ඇයි.? ඔහු...

කොළඹ කොටස් වෙළඳපොලට නව සභාපතිවරයෙක්

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ කොටස් වෙළෙඳපොළ නව සභාපතිවරයා ලෙස...

නාමල්, සාගල, ශවේන්ද්‍ර ඇතුළු හිටපු ප්‍රබලයින් 28 කගේ වත්කම් ගැන විමර්ශනයක්

සටහන - රුවන් නෙළුගොල්ල පසුගිය ආණ්ඩුවේ මැති ඇමතිවරුන් ඇතුළු ප්‍රබලයින්...